Colombo Today Local News

විපක්ෂ නායක ධුරය දැරීමට මහින්දට නීතිමය හැකියාවක් නෑ…

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව රජයේ ඇමතිධුර දෙකක් දරණ බැවැනි එම සන්ධානය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධූරය දැරීමට හැකියාවක් නොමැති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (27) පැවසීය.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමයි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුවට ආවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කරනවා.

ඔහු මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මහවැලි සංවර්ධන හා පරිසර ඇමතිධුරයත්, ආරක්ෂක ඇමති ධුරයත් දරනවා. එහෙම ඇමතිධුර දරද්දී  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා මේ ආණ්ඩුවේ සාමාජිකයෙකු වෙනවා. එවැනි තත්ත්වයකදී එම පක්ෂයට විපක්ෂනායක ධුරය ලබාදීම නීත්‍යනුකූල නැහැ.

අපිට බැලූ බැල්මට පේනවා මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය ගියාට අවුලකුත් නැහැ කියලා. හැබැයි නීත්‍යනූකූල ප්‍රශ්නයක් තිබෙනවා. අපි කැමති දේ නෙමෙයි නීතියට අනුව හරි දේ වෙන්න ඕන. ඒක ඒ අය බේරගනිවි* යනුවෙන් පවසා සිටියේය.

Related posts

බැදුම්කර හොරු කවුද? හරියටම කියන්න ජනපති කොමිසම තවත් මාස 3ක් කල් ඉල්ලයි

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ISIS බාර ගනී…

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනයට රණවිරු සේවා අධිකාරියත් එක්වෙයි.

colombotoday

සමලිංගික සූත්‍ර ගෙනාපු මංගල සමරවීර ඉස්සරහට අපිට ජංගියත් නැති කරනවා – මාධ්‍ය හමුවකදී මංගලට කුණු බැණුම්

colombotoday

අද ගාලුමුවදොර උද්ඝෝෂණයේ පොලිසිය එස්. ටී. එෆ්. සීරුවෙන්

colombotoday

නිධන් සොයා කැණීමක් කල 5ක් අත්අඩංගුවේ

Admin