Colombo Today Local News

විනිසුරුවරු අසුන් නොගනී – බදියුදීන්ට එරෙහි පෙත්සමේ තීන්දුව කල්යයි

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරිච්චිකට්ටු, කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපය හෙළි පෙහෙළි කොට නිර්මාණය කර ඇති අනවසර ජනාවාස ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල්දමා තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සමේ තීන්දුව අද (31)දින ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණි.

එහෙත් එම විනිසුරුවරු අසුන් නොගත් අතර මේ හේතුවෙන් අභියාචනාධිකරණ අංක 204 ශාලාවේ අද දින කැඳවීමට නියමිතව තිබූ නඩු සියල්ල අගෝස්තු මස 26 වනදා දක්වා කල් තබන බව නිවේදනය කර තිබේ.

කෙසේවෙතත් විල්පත්තු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

Related posts

ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100 වැඩි තද වැසි

Admin

තත්පර පහක් මාස්ක් එක මුහුණෙන් ඉවත් කර සිටීමෙන් ආසාදිතයකු විය හැකි

colombotoday

තාජුඩීන් නඩුවේ වෛද්‍ය සමරසේකර අත්අඩංගුවට ගැනීමේ නියෝගය වලක්වයි

colombotoday

එළඹෙන මාසයේ සිට ඉන්ධන කෝටාවේ වෙනසක්

Admin

පළමු ඡන්ද ප්‍රතිපලයෙන් පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්

colombotoday

බුද්ධාගමට මුල් තැන අහිමි කරන, රට ෆෙඩරල් කර කෑලි කඩන අගමැතිගේ ව්‍යවස්ථා යෝජනා මෙන්න

colombotoday