Colombo Today Local News

විධායක ජනපතිධූරය අහෝසි කිරීමට එකඟයි – මහින්ද රාජපක්ෂ පවසයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති ව්‍යවස්ථා කෙටුම්පතේ ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ  විධිවිධාන වලට තමන් විරුද්ධ නොවන බව හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (23දා) එම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.  

එසේම පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කර පළාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයෙන් බලවත් කිරීමට අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

“ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වීම යනු සියලුම ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධ වීම නොවන බවද අපි පැහැදිලිව කිව යුතුය. වර්තමාන ව්‍යවස්ථාවේ පුලුල් වෙනස්කම් සිඳු විය යුතු බව අපි පිළිගනිමු. 19 වෙනි සංශෝධනය නිසා පමණක් මොන තරම් අවුලක් ඇති වීතිබෙනවාද? ඇතැම් දේශපාලන පක්‍ෂවලට තිබෙන බෙදුම්වාදී නැත්නම් ෆෙඩරල්වාදී අදහස් අපි ප්‍රතික්‍ෂේප කරන අතරම ඒ ඒ ප්‍රාදේශීය ජන සමාජයන් වලට යම් කිසි ජාතික රාමුවක් තුළ තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් තිබිය යුතු බවත් අපි පිළිගනිමු.

ඊලඟ ජාතික ඡන්දයේදී ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අපේම යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවෙන් ජනතාවගෙන් වරමක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙමු. අපගේ එම උත්සාහයට සහයෝගය දෙන මෙන් මම ජනතාවගෙන් මෙන්ම සියලුම දේශපාලන පක්‍ෂ වලින්ද මේ අවස්ථාවේදී ඉල්ලා සිටිමි” යනුවෙන්ද ඔහු පවසයි.

Related posts

අන්තර් කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය අනුරට

colombotoday

දළදා පෙරහැරට අලි නෑ.. අත්අඩංගුවට ගත් අලි පෙරහැරට ඉල්ලා හීලෑ අලි ඇත් සංගමය සත්‍යග්‍රහයක

colombotoday

ලොව වටා රැගෙන ගිය කහවත්තෙන් හමු වූ ලොකුම මැණික් පොකුර කටුනායකට

Admin

හරීන්ට එජාපයේ ලොකු පුටුවක් හිමිවෙයි…

colombotoday

යහපාලනයත් ඥාති සංග්‍රහ අරඹයි. ජනපති ගජ මිතුරු බෑණා නීතියට පිටින් ලන්ඩන් තානාපති සේවයට.

colombotoday

තවත් පනත් කෙටුම්පත් 5කට කතානායකවරයාගේ සහතිකය

colombotoday