Colombo Today Local News

විධායකය අහෝසියට මහින්ද-ජවිපෙ සාකච්ඡා ලබන සතියේ…

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන සතියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ නිල වශයෙන් සාකච්ඡුා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28 දා* ප‍්‍රකාශ කළේය.

 විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විසි වැනි සංශෝධනයට තුනෙන් දෙකක් ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමේ ඡුන්දය ද තීරණාත්මක වන බැවින් ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡුා කරන බව දිසානායක මහතා කීවේය.

 විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡුන්දය ලබා ගැනීම සඳහා අගමැතිවරයා සමඟ ද සාකච්ඡුා කරන බව කී දිසානායක මහතා මේ වනවිටත් දෙමළ ජාතික සන්ධානය සමඟ නිල නොවන මට්ටමෙන් සාකච්ඡුා කර ඇතැයි කීවේය.

 රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ රිෂාඞ් බදියුදීන් යන පක්ෂ නායකයන් සමඟ ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ඉදිරියේදී සාකච්ඡුා කිරීමට අපේක්ෂා කරන බව අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28 දා* ජවිපෙ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී කීවේය.

Related posts

වෛද්‍ය, ගුරු, දුම්රිය අද වර්ජනයේ.. හෙද, තෙල්, ජල, විදුලි ඇතුළු වෘත්තීය සමිති 150ක සහය

colombotoday

හෙම්මාතගම අනාරක්ෂිත ගොඩනැගිල්ලක් පොලීසියෙන් වසාදමයි

colombotoday

රැකියා කළ හැකි අවම වයස් සීමාව වෙනස් වේ

colombotoday

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට කැබිනට් අනුමැතිය…

colombotoday

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් තුනක් අල්ලයි

colombotoday

රතන හිමි සමග ජාතික සංවිධාන රැසක් ගෝඨාභයගේ සහයට !

colombotoday