Colombo Today Local News

විදුලි බිල්පත් පිළිබදව ජනපති කරුණු විමසයි

පසුගිය මාස කිහිපය සඳහා නිකුත් කළ විදුලි බිල්පත්වල යම් ගැටලුකාරී තත්ත්වයක් තිබේ ද යන්න පිළිබඳ ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරුණු විමසා තිබේ.

ඔහු මේ පිළිබඳ ව අද පැවති කැබිනට් රැස්වීමේදී විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ජනතාවට කරුණු පැහැදිලි කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබේ.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ විදුලි පරිභෝගිකයින්ට ලැබෙන නිවැරදිම බිල්පත වන්නේ අවසානයට නිකුත් කර ඇති බිල්පත බවය.

එය නිකුත් කරනු ලබන්නේ පාරිභෝගිකයින් පාවිච්චි කරන ලද විදුලි ඒකක ගණන සඳහා පමණක් බව විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කියා සිටියේ කිසියම් අයෙකුට පෙබරවාරි මාසයේ බිලට වඩා වැඩි අගයක් සහිත බිලක් ලැබී තිබෙන්නේ නම් එම බිල්පත වාරික කිහිපයකින් ගෙවීමට අවස්ථාව සලසන ලද බවය.

එම නිසා විදුලි බිල්පත වාරික වශයෙන් ගෙවීමට කටයුතු කළ ද කිසිදු නිවෙසක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවත් ඔහු පවසා තිබේ.

Related posts

“රටට හෙණ ගැහුවත් අගමැතිට විහිළු.. ඔහු කවටයෙක් වෙලා” – ජී.එල්. පීරිස්

colombotoday

බදුල්ල රෝහලට පැමිණි වෛද්‍යවරයාගේ‍ මෝටර් රථයෙන් කඩුවක් හමුවෙයි

colombotoday

වහාම පාර්ලිමේන්තු මැතිවරණයක්…. අගමැතිගෙන් නිවේදනයක්…

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක්..

colombotoday

මුලතිව් කෝවිලක් ආසන්නයේ කොටි ආයුධ සොයා කැනිමක්

colombotoday