Colombo Today Local News

විජයග්‍රහණය සමරුමට සහභාගී වීමට නොහැකි වූ ෆොන්සේකාගේ වැදගත් වැඩේ

ඊයේ දින කොළඹ දී පැවැති විජයග්‍රහණය සමරුව වෙනුවෙන් එවකට යුද හමුදාව සඳහා නායකත්වය දුන් වත්මන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කළ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේය.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් එම ආරාධනාව කරන ලද බව ද ඔහු පැවසීය.

නමුත් සරත් ෆොන්සේකා මහතා පසුව තමන්ට අමතා කලින් යොදාගත් වෙනත් විශේෂ රාජකාරියකට යාමට නියමිත නිසා තමනට විජයග්‍රහණ සමුළුව වෙනුවෙන් සහභාගී වීමට නොහැකි බව ෆොන්සේකා මහතා දැන් වූ බවද හමුදාපතිවරයා කීය.

2009 වසරේ යුද්ධය අවසන් කිරීම සඳහා යුද හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා කිසිසේත්ම අමතක කර නැති බවත් ඔහුද ඒ සඳහා විශාල කාර්යභාරයක් කළ අයකු බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කෙසේ නමුත් සරත් ෆොන්සේකා මහතා විජයග‍්‍රහණයේ සමරුවද අතහැරීම තරම් වූ වෙනත් යොදාගත් වැදගත් කාර්ය වී තිබුනේ ඊයේ පස්වුරුවේ කළුතරදී පැවති විරෝධතාවකි. රිමාන්ඩ් කර සිටින රාජිත සේනාරත්න මහතා නිදහස් කරන ලෙස බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වින.

නිරෝධායන නීති පවා උල්ලංඝනය කරමින් මෙම විරෝධතාවය පැවැත්වීය.

Related posts

ජල ගාස්තු ඉහළ දැමීමේ ගැසට් නිවේදනය අද

colombotoday

සහල් ආනයනකරුවන්ගෙන් රතු එළියක්

Admin

මට බලයක් තියෙනවනම් සිවුරු ගලවලා යවනවා – ඥානසාර හිමිගෙන් දැඩි ප්‍රකාශයක්

colombotoday

බුදු දහමට අපහාස කළ සියලු ගිණුම්වල තොරතුරු දෙන්නැයි ෆේස්බුක් ආයතනයට අධිකරණ නියෝගක්

Admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට මධ්‍යමකාරක සභාවේදී තීරණය කරයි

colombotoday

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

colombotoday