Colombo Today Local News

විග්නේශ්වරන් උතුරට, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කාර්යාලයක් ඉල්ලයි.

ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට යොමු කිරීම සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව පෙත්සමක් සකස් කර තිබෙනවා.

දෙමළ ජනතාව වෙනුවෙන් සහන සලසන්නැයි ඉල්ලා දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙම පෙත්සමෙන් ඉල්ලා ඇති බවයි දේශපාලන ආරංචි සදහන් කළේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් මීට පෙර යෝජනා කළ කිසිඳු නිර්දේශයක් මෙතෙක් කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් උතුරේ ජනතාවට අසාධාරණයක් සිදුව ඇතැයි මෙම පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා. 

මේ අතර උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් ද ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලය වෙත ලිපියක් යොමු කර ඇති බව සදහන්.

ඒ, ඉකුත් යුද වාතාවරණයත් සමග සිය පළාතේ ගැටලූ රැසක් පවතින බවත්, ඒවා විසඳා ගැනීමට එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කාර්යාලයක් උතුරු පළාතේ ස්ථාපිත කරන ලෙස ඉල්ලමින්.

පූර්ණ බලතලවලින් සමන්විත හා ශ‍්‍රී ලංකා රජයට බලපෑම් එල්ල කල හැකි කාර්යාලයක් මෙරට පිහිටුවීම වැදගත් බව ඔහු සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකා රජය වෙත ලබා දුන් යෝජනා මේ දක්වා ඉටු කර නොමැති බව ද උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිමට මෛත්‍රී-රොද්‍රිගෝ එකතාවයක්…

colombotoday

ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී නැහැ | පළවූ වාර්තා අසත්‍යයක්

colombotoday

විල්පත්තු වන සංහාරයට එරෙහි විරෝධතා ජනාධිපතිවරයා ඉලක්ක කරගත්තක්ද සැකයි – දයාසිරි ජයසේකර

colombotoday

කෙහෙළියට නිවසින් ආහාර ගැනීමට අවසර

Admin

ආනයනික කිරිපිටි බද්ද සියයට 10කින් ඉහළට

Admin

අධික වැසි සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් වෙයි

Admin