Colombo Today Local News

වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ රෝගීන්ට හිසේ තෙල් ගාන්න ගිය පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

වැලිකන්ද කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඊයේ (06 වැනිදා) උදෑසන 09.30 ට පමණ අනවසරයෙන් ඇතුළු වී එහි ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ හිසෙහි යම් තෙල් වර්ගයක් ආලේපණය කිරීමට උත්සාහ ගත් පොලිස් කොස්තාපල්වරයකු එම රෝහලේ වෛද්‍යවරු මැදිහත් වීමෙන් අල්ලා වැලිකන්ද පොලිසියට භාර දී ඇති බව කියයි.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පස්සර පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන අතර ඔහු 05 වැනිදා රාත්‍රි සේවා මුරය අවසන් කර වැලිකන්ද ප්‍රදේශයට යතුරු පැදියකින් පැමිණ ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට පත්ව සිටින පොලිස් කොස්තාපල්වරයා යුද හමුදාවේ මැදිහත්වීමෙන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

ජනපති ගෝඨාභයට විරෝධය පෑ වයිකෝ අත්අඩංගුවට…

colombotoday

සුදු වෑන් එකෙන් ඇවිත් රයන්ව අරන් යන්න හදද්දී බාධා කළ අයටත් වැඩ වරදී !

colombotoday

පළමු වරට ගුවනින් හා ගොඩබිමින් STF නිලධාරින් හා ගුවන් හමුදාව එක්ව ගංජා හේන් වටලයි

colombotoday

උඩ පළාත ප්‍රා.සභා මන්ත්‍රීලා ගුටි ඇනගනිති… සභාපති, විපක්ෂනායක රෝහලේ

colombotoday

අධිවේගී මාර්ග ව්‍යාප්තියෙන් යකඩ බට සොරාගත් 4ක් අත්අඩංගුවට

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිලගේ හෙළිදරව්ව මෙන්න

Admin