Colombo Today Local News

වැලිකන්දේ ගෙවත්තකින් හමුවූ ජීව අත් බෝම්බ

වැලිකන්ද,මහවැලිතැන්න,සිංහපුර ප්‍රදේශයේ පිහිටි ගෙවත්ත වළදමා තිබූ ජීව අත් බෝම්බ දෙකක් අද(10)දිනයේ හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි.

එම ඉඩමේ හිමිකරු වන ඒ.එන්.එස්.මොහමඞ් (56) යන අය විසින් වැසි ගෙවත්තේ කාණුවක් කපමින් සිටියදී මෙම ජීව අත් බෝම්බ හමුවී තිබේ.

ඒ බව වැලිකන්ද පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය එහි ගොස් විමර්ශන කටයුතු සිදු කර ඇත. එම අත් බෝම්බ දෙක බෙහෙවින් දිරාපත්ව තිබූ බවත් පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදීන් විසින් එම බෝම්බ ඒ ස්ථානයේ වලදමන්නට ඇති බවටත් පොලීසිය සැක කරන බව විමර්ශන සිදු කරන නිලධාරීහු කීහ.

මෙම ජීව අත් බෝම්බ නිෂ්ක්‍රීය කර විනාශ කර දැමීම සඳහා අරලගංවිල පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන්ට දැනුම් දුන් බවත් අද දිනයේ එම නිලධාරීන් පැමිණ එම බෝම්බ නිෂ්ක්‍රීය කර විනාශ කර දැමීමට කටයුතු කරනු ඇති බවත් පොලීසිය පැවැසීය.

වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව වැඩි දුරටත් පරීක්‍ෂණ පවත්වයි.

Related posts

භාෂාව පදනම් කරගත් ප්‍රාන්ත දෙකක්, කදුරටට වෙනම පරිපාලනයක්.. රට කෑලි4කට බෙදන යෝජනාවක් උතුරෙන් එයි

colombotoday

කුරාන 15000 ක් සඟවා තිබී හසුවූ අමල් ජාත්‍යන්තර පාසලේ අන්තවාදී පැටිකිරිය. | කාන්තා පාසලෙන් 30 දෙනෙක් ISIS සටන් බිමට.

colombotoday

“මහින්ද ගිණි පොලියට ණය අරන්.. රුපියල කඩා වැටෙන්නේ ඒ නිසයි” – ඇමති හරීන්

colombotoday

සමුගන්නේ නෑ.. සුජීව අමුතු පිම්මකට.. කොළඹ නගරාධිපතිකමට කැරකේ

colombotoday

‘පරිප්පුවා’ කෝන්කඩවලදී STF දැලේ

colombotoday

ද්‍රවිඩ සන්ධාන බලපෑමට ඉරණමඩු හමුදා කදවුර ඉවත් කෙරේ !

colombotoday