Articles

වැලන්ටයින් සහ ඤාණසාර හාමුදුරුවෝ..!

ඒ 2003 වසරේ දෙසැම්බර් මාසයේ එක්තරා දිනයකි. රාජගිරිය නගරයට නුදුරින් ගලා බසින ඇලක් සමීපව හරිහමන් සංඝාවාසයක්වත් නොතිබුණු එක් කුඩා පන්සලක ඇති මඩුවක සාකච්ඡාවක යෙදිමින් සිටියේ 8 දෙනෙකි. “අපි තරුණ තරුණියන්ව වැලන්ටයින් මිත්‍යාවෙන් මුදවන්න දෙයක් කරමු”. එක් භික්ෂුවක් පවසා සිටියේය. “ඕක හරියන වැඩක් නෙවෙයි” මෙසේ පවසමින් අතුරලියේ රතන හිමියන් එතනින් පිටව ගියේය. “නෑ මම මේ දේ කරලම පෙන්නනවා” තරුණ හිමියන් සිතට ගත්තේය. 2004 වසරේ පෙබරවාරි 14 දින වැලන්ටයින් දිනය එළබිනි. කොළඹ සියළුම වට රවුම් බෞද්ධ කොඩි වලින් පිරී ගියේය. විහාරමහාදේවි උද්‍යානයට ගලන්නේ එකම ජන ගඟකි.

51,000කට ආසන්න තරුණ තරුණියන් වැලන්ටයින් මිත්‍යාවෙන් මුදවා සිල් සමාදන් කරවීමට මේ තරුණ භික්ෂුවට හැකි විය. ආදරයෙන්, රාගයෙන් වල්මත් වන වැලන්ටයින් දිනයේ 51000ක් තරුණ තරුණියන් සිල් සමාදන් කරවූ ඒ අසිරිමත් වැඩ සටහන නමින් “අමාවැස්ස” යි. ඒ අමාවැස්සෙන් පනස්දහසකට අධික හිරිමල් යෞවනය වැලන්ටයින් මිත්‍යාවෙන් මුදවා සිල් සමාදන් කරවූ භික්ෂුව අන් කිසිවෙකුත් නොව පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ය. විශේෂම කරුණ නම් මේ අති දැවැන්ත වැඩසටහන තනිව සංවිධානය කරන විට ඤාණසාර හිමියන්ව වයස අවුරුදු 29වත් සම්පූර්ණ වී නොතිබීමයි.
ලාංකීය සමාජය වැලන්ටයින් මිත්‍යාවෙන් මුදවා ගත්තේ උන්වහන්සේගේ ඒ උදාර වූ සිතිවිල්ලයි.
අදත් ඒ වැලන්ටයින් මාෆියාව විවිධ කණ්ඩායම් විවිධාකාරලෙස භාවිතා කළද..
බෞද්ධ මුහුණුවරකින් ඒ දෙස බලන්නට සමාජය මෙහෙයවනු ලැබුවේ පූජනීය ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමින්වහන්සේ විසිනි.

Related posts

ලිංගික සන්තර්පනයේ උත්තරීතර අපේක්ෂාව මනුෂ්‍ය පරපුරේ පැවැත්ම සහතික කිරීමයි. මුස්ලිම් උපත් වැඩිවීමට බලපාන කුරානයේ එන ඉගැන්වීම්

colombotoday

ලංකාවේ සුප්‍රීම් උසාවිය හා සංඝ පාතාලය

colombotoday

යහපාලන සංකල්පය යුක්‌රේන් විප්ලවයේ අශුද්ධ කොපියකි – රහසිගත ස්‌ථානයක සිට උදයංග වීරතුංග ලියයි

colombotoday

අකුරටියේ නන්ද හිමිට පිළිතුරක්

colombotoday

සැබෑ සංහිදියාවක් වෙනුවෙන් මහින්ද කළ වැඩ වලින් දශමයක්වත් මේ ආණ්ඩුව කරලා නෑ

colombotoday

නිදහස (ස)මරන්න ලංකාවට ආ වෙල්ලස්‌ස සංහාරකයාගේ මීමුණුබුරු කුමාරයා

colombotoday