Colombo Today Local News

වැටුප්, වාහන, දීමනා එපා… රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා – ඉරාජ් ජනපතිට දන්වයි

ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත්කර සිටින ජනප‍්‍රිය ගායක හා සංගීත අධ්‍යක්‍ෂ ඉරාජ් වීරරත්න මහතා එම තනතුරට හිමි මාසික දීමනාව හා තමන්ට වාහන පහසුකම් අනවශ්‍ය බව ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.

එම තනතුරට අදාළ සියළුම කටයුතු තම පුද්ගලික වියදමින් සිදුකිරීමට බලාපොරොත්තුවන බවද ඔහු එම ලිපියේ සදහන් කර ඇතැයි වාර්තා වේ.

තමන් මෙම තනතුර බාරගන්නා බවත් රජයෙන් ලැබෙන දීමනා නොමැතිව තමන්ට ජීවත්විය හැකි බවත් පවසමින් ඉරාජ් වීරරත්න මහතා පෙරේදා වීඩියෝ පටයක්ද අන්තර්ජාලයට මුදාහැර තිබිණ.  

අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකුට එම රැස්වීමකට සහභාගිවීම වෙනුවෙන් රුපියල් විසිපන්දහසක මාසික දීමනාවක් හා රැස්වීමට සහභාගි වීමට පමණක් වාහහන පහසුකම් ලබාදෙනු ලැබේ.

රාජ්‍ය ආයතන සදහා ප‍්‍රධානීන් තෝරාගැනීම සදහා පත්කළ සය පුද්ගල විද්වත් කමිටුව විසින් කරන ලද නිර්දේශය අනුව ජනාධිපති ලේකම්වරයාගේ දැනුම්දීම මත සංචාරක සංවර්ධන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසින් ඉකුත් (14) වැනිදා මෙම පත්කිරීම කරනු ලැබීය.

හිපොප් ගායකයකු ලෙස ප‍්‍රසිද්ද ඉරාජ් වීරරත්න මහතාගේ ඇතැම් ගීත සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජයේ දැඩි කතාබහක් ද ඇති විය.

Related posts

සෞඛ්‍ය අංශ විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

සංචරණ නියෝග මැද අක්කරෙයිපත්තු සිට කොළඹ ආ බසයක් මගීන් 48ක් සමග අත්අඩංගුවට

colombotoday

අනුර කුමාර දිසානායක කේරලයට

Admin

ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර

colombotoday

යෞවන කටයුතු අගමැති රනිල්ට…

colombotoday

සිංහලේ කොඩියේ ඇත්ත කතාව !

colombotoday