Colombo Today Local News

වාරියපොල නාවික සෙබලාගේ පියාට සහ සොයුරාට පහර දෙන්න පොලිස් නිලධාරියෙකුත් හවුල් වෙලා

කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළෙකු නිවසේ සඟවාගෙන සිටින බව පවසමින් අදාළ සෙබළාගේ පියාට සහ සහෝදරයාට වාරියපොළ කුරණව ප්‍රදේශයේ දී පසුගිය (30වැනිදා) පිරිසක් පහර දී ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනා වාරියපොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මාස අටක් වයසැති දරුවාගේ සමේ රෝගයකට අවශ්‍ය ඖෂධ රැගෙන නාවික සෙබළාගේ බිරියගේ මහ ගෙදරට ගොස් ආපසු යන අතරමඟ දී මෙම ප්‍රහාරය සිදුව තිබේ.

එලෙස තුවාල ලබා ඇත්තේ කුරුණෑගල, කැකුලාවල, තඹගල්ල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්.එස්.ආර්. මීරියගොල්ල (23), ඩී.එම්. සුගත් මීරියගොල්ල (49) නමැති දෙදෙනායි.

තමාත් පියාත් එම නිවෙසින් පිටව යන විට සවස හතරයි තිහට පමණ වූ බවත්, නෑනාගේ මහ ගෙදර සිට මීටර් දෙසීයක් පමණ දුර යන විට පුද්ගලයෙකු මග හරස් කර තමන්ට තර්ජනය කළ බවත් අදාළ තරුණයා පැවැසීය.

තවත් ටික දුරක් යන විට යතුරුපැදිවලින් පැමිණි පිරිසක් ඔවුන්ගේ මග හරස්කර පහර දී තිබේ. එම අවස්ථාවේ දී අසල්වැසියන් කිහිප දෙනකු විසින් ඔවුන් බේරාගෙන ඇත. එනමුත් යළි පසුපසින් එළවාගෙන පැමිණි පිරිසක් තවත් ස්ථානයක දී ඔවුන්ට පහර දී තිබේ.

මෙම නාවික සෙබළා උතුරේ නාවික කඳවුරක සේවය කරන බවත්, ඔහු මේ දිනවල කටයුතු කරන්නේ නාවික හමුදාවේ විෂබීජහරණ කණ්ඩායමක බවත් සඳහන්ය.

පහර දුන් පුද්ගලයන් අතර වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියකු ද සිටින බව පොලිසිය පැවැසීය.

වාරියපොළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.

Related posts

අභිරහස් ලෙස අපවත් වූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ ඝාතනය සෙවීමට පොලිස් කණ්ඩායම් 8ක්

colombotoday

මගීන් 4ට අඩුවෙන් පටවාගෙන නගරයට ආවොත් අමතර ගාස්තුවක් ගෙවන්න වෙයි!

colombotoday

අමාත්‍යධූරයෙන් නෙරපා අලි සබ්‍රි අත්අඩංගුවට ගතයුතුයි | උලපනේ සුමංගල හිමි

colombotoday

16 කණ්ඩායම මහින්ද හමුවෙයි.. පොහොට්ටුවට එක්වීමට සූදානම්… ආණ්ඩුවට අභියෝග කරන්න පුළුල් විපක්ෂ සන්ධානයක් බිහිවේ…

colombotoday

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අද

colombotoday

ලාංකික නැවියන් 6 දෙනෙකුට කොරෝනා වැළදෙයි !

colombotoday