Colombo Today Local NewsCovid 19

ව්‍යාජ ලිපිනයකින් රෝහල් ගතවී බේරුවල රතු කලාපයේ ගැබිණියක් දරුවකු බිහිකරයි – කොරෝනා ආසාධිත බවත් තහවුරුයි

බේරුවල පන්නිල කොරෝනා ආසාදිතයන් සිටි ගම්මානයේ  රතු අවදානම් කලාපය සිට ව්‍යාජ ලිපිනයක් ලබා දී   අද(04) අලුයම කළුතර නාගොඩ රෝහලට ඇතුළු වී  විශේෂ වාට්ටුවකදී  දරුවකු බිහිකර ඇති 28 හැවිරිදි මවක් පිළිබඳව වාර්තා වී ඇතැයි  බේරුවල සෞඛ්‍ය වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

මෙම ගැබිනි කාන්තාව දර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙස ව්‍යාජ ලිපිනයක් ලබා දී රෝහලට ඇතුළත් වී ඇති අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී එම ලිපිනය බේරුවල, පන්නිල ප්‍රදේශයේ බව සඳහන්ව ඇත.

 අනතුරුව  කළ රුධිර පරීක්ෂාවේ දී එම කාන්තාව කොරෝනා ආසාදිත තත්ත්වයේ පසුවන බව තහවුරු කරගෙන තිබෙන බව කළුතර නාගොඩ රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළහ.

මෙම ආසාදිත කාන්තාව බිහිකළ බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක් කරන අතර එම රෝහල් වාට්ටුවේ කාර්යමණ්ඩලය නිරෝධායනට ලක් කිරීමට නියමිතව ඇතැයිද රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම රෝගී කාන්තාවත් සමඟ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත පුද්ගල සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා තවදුරටත් පැවසීය .

Related posts

නව කැබිනට් සංශෝධනය එන සදුදා

colombotoday

ආණ්ඩුවට මෙතරම් බලය දීලා තියෙන්නේ ජනතාවගේ මනස විකෘති නිසා

colombotoday

මහ හඩක් නගමින් බදුල්ලේ ප්‍රදේශ කිහිපයක පොළොව හෙළවෙයි…

colombotoday

තියුණු ආයුධයකින් ඇන කල තවත් පුද්ගල ඝාතනයක්

colombotoday

ගානියා, ශානි සහ නිශාන්තට එරෙහිව පියවර ගැනීම ගැන ජිනීවා වෙත පැමිණිල්ලක්

colombotoday

යාපනේ හිස ඔසවන ජාතිවාදී ගිනි පුපුරු – අනාගමික ආණ්ඩුවේ ආගමික ඇමති හුරතල් වෙයි

colombotoday