Colombo Today Local News

ව්‍යවස්ථාව තුළ මව්බසට හිමිවිය යුතු තැන.. යෝජනා තුනක් මහජන අනුමැතියට !

මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂය, අතිගරු ජනාධිපතිතුමා,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයින්,සියලු ස්වාධීන ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවල සාමාජිකයින්,මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවේදීන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු පළාත් සභා මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්රු, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපතිතුමා, දේශපාලන පක්ෂවල ලේකම්වරුඇතුළු සියලු දෙනා වෙත ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මව්බසට හිමිවිය යුතු තැන සම්මන්ත්‍රණය සහ එහිදී සම්මත වූ යෝජනා පිළිබද මහජනතාව දැනුවත් කිරීමයි.

මව්භාෂාව ප්‍රවර්ධන සංවිධානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මව්බසට හිමිවිය යුතු තැන අධ්‍යාපන සම්මන්ත්‍රණ කමිටුව විසින්සංවිධානය කළ ආණ්ඩුක්‍රමව්‍යස්ථාව තුළ මව්බසට හිමිවිය යුතු තැන සම්මන්ත්‍රණය 2017 මාර්තුමස 22 වැනිදිනකොළඹ 07, නිදහස්මාවත, අංක 14,ජාතිකපුස්තකාලහාප්‍රලේඛනසේවාමණ්ඩලශ්‍රවණාගාරයේදී පූජ්‍ය කොටපොළ අමරකිත්ති නාහිමියන් අතුළු මහා සංඝරත්නය, මහාචාර්යවරු, නීතීඥවරු, වෛද්‍යවරු, විද්‍යාඥයින් ඇතුළු විද්වතුන්, දේශපාලන පක්ෂ නායකයින්, සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් සහ මහාචාර්ය පූජ්‍යඉදුරගාරේ ධම්මරතන හිමියන්ගේ මූලාසනත්වයෙන් සහ මානව විද්‍යාඥ පණ්ඩුල ඇදගම මහතාගේ මෙහෙයවීමෙන් සහ මහාචාර්ය පූජ්‍යමැදගොඩ අභයතිස්ස හිමියන්ගේ, ජනාධිපති නීතීඥ මනෝහර ආර්. ද සිල්වා මහතාගේ, ජේ්‍යෂ්ඨ නීතීඥ කල්‍යානන්ද තිරාණගම මහතාගේ සහ අධිනීතීඥ ක්‍රිසන්ත නිස්සංක මහතගේ දේශන වලින්ද,නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් සම්මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ යෝජනා 03කට මහජන අනුමැතිය ලැබීමෙන් සහ නීතීඥවරුන් ඇතුළු විද්වතුන්ගේ අදහස් දැක්වීම් සහිතව සාර්ථකව පවත්වන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මව්බසට හිමිවිය යුතු තැන සම්මන්ත්‍රණය ප්‍රසිද්ධ සම්න්ත්‍රණයක් වූ අතර මුද්‍රීත සහ විද්‍යූත් මාධ්‍ය මගින් ද, කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේ අත්පත්‍රිකා බෙදීමෙන් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ නීතී පීඨයේ සිසුන්ට, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ට, කොළඹ මහාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥවරුන්ට, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණ, ගම්පහ දිසා අධිකරණ නීතීඥවරුන්ට සහ සමාජ ක්‍රියාකාරීන් වෙත විවෘත ආරාධනා පත්‍ර ලබා දෙමින් සහ විද්‍යුත් තැපෑලෙන් විවෘත ආරාධනා පත්‍ර යොමු කරමින් සහ අන්තර්ජාලයේ වෙබ් අඩවි වලින් මහජනතාවට විවෘතව ආරාධනා කරමින් ඕනෑම අයෙකුට මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගීවීමට අවස්ථාව වීවෘත කර දී තිබුණි. ඒ අනුව ලංකාවේ ඕනෑම පුද්ගලයෙකුට සහභාගී වීමට අවස්ථාව විවෘත කර දී තිබූ මෙම සම්මන්ත්‍රණය මහජන සම්මන්ත්‍රණයක් විය.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් සභාවට ඉදිරිපත් කළ මහජන අනුමැතිය ලැබූ යෝජනා 03 මෙසේ ය.

01 16 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිංහල ජනතාවට අහිමිකර ඇති අයිතිවාසිකම් නැවත ලබා දෙන ලෙස අතිගරුජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීම.

02 දැනට පනවා ඇති සියළු නීති රාජ්‍ය භාෂාවෙන් ලබා දීමටසළස්වා ඇති නීති ප්‍රතිපාදන වහාම ක්‍රියාත්මක කරන ලෙස අතිගරුජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීම.

03 අමාත්‍යාංශයක් යටතට පත්කර ඇති රාජ්‍ය භාෂා කොමිෂන් සභාව ස්වාධීන ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසඅතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීම.

මෙම යෝජනා ළගදීම අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබේ.

එමෙන්ම මහජනතාව විසින් අනුමත කර ඇති මෙම යෝජනා ක්‍රියාත්මක කර ගැනීම සදහා දිවයින පුරා මහජන සම්මන්ත්‍රණ පැවැත්වීමටද හෝ ජනතාව දැනුවත් කිරීමටද,මහජනතාවට, මහජනතාව අතරින් ඕනෑම අයෙකුට, සංවිධානයකට, කණ්ඩායමකට අයිතිය ඇත.

එමෙන්ම මහජනතාව විසින් අනුමත කර ඇති මෙම යෝජනා ක්‍රියාත්මක කර ගැනීමට හෝ ඒ සදහා සහාය දීමට මහජනතාවට, මහජනතාව අතරින් ඕනෑම අයෙකුට, සංවිධානයකට, කණ්ඩායමකට අයිතිය ඇත.

ස්තුතියි.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col),PGDC(Col)
විද්‍යුත් තැපැල් [email protected] දුරකථන අංක 0712063394

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මව්බසට හිමිවිය යුතුතැන අධ්‍යාපන සම්මන්ත්‍රණ කමිටුව (මූලික)(2017.03.22)

Related posts

මේ ඡන්දෙනුත් ජීවන වියදම් අඩු කරන්න විදිහක් නෑ – දුමින්ද දිසානායක

colombotoday

අපට ඕනනම් රටම අකර්මන්‍ය කරන්න තිබුණා…

colombotoday

මහින්දගෙන් ඥාණසාර හිමිට අවවාදයක්

colombotoday

“හවුල් ආණ්ඩු ගිවිසුම තව වසරකින් දීර්ඝ කරනු” – චන්ද්‍රිකා ශ්‍රීලනිපය ට නියෝග කරයි

colombotoday

දර්ගා නගරයේ තාරික්ට පහරදීමක් සිදුවී නෑ. සිදුව ඇත්තේ මෙල්ලකර ගැනීමක්. නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම්.

colombotoday

සමාජ මාධ්‍යයෙන් කාන්තාවන්ට මඩ ප්‍රහාර එල්ලකරන්නන් ගැන වැඩි අවදානයක්

colombotoday