Colombo Today Local News

වසාදැමුණු ගුවන්තොටුපළ නැවත විවෘත කිරීමට අවධානය

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් වසාදැමුණු ගුවන්තොටුපළ නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් මේ වන විට අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා පැවැත්වෙන බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

වසංගත තත්ත්වය හේතුවෙන් විදේශයන්හි සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වාගැනීමේ කටයුතු සිදුවන බැවින් එළඹෙන මාසය වන විට ගුවන්තොටුපළ විවෘත කිරීම පිළිබඳ අවධානය යොමු වී තිබේ.

තවත් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන අතර ඔවුන් සියලුදෙනා ගෙන්වා ගැනීමෙන් අනතුරුව ගුවන්තොටුපළ විවෘත කිරීම පිළිබඳ තීරණය කෙරෙන බව සඳහන්ය.

කිසිදු ආකාරයකින් දැනට මෙරටට පැමිණීම සඳහා ඉල්ලුම් කර ඇති සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු අත්හිටුවීමට කටයුතු නොකරන බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

Related posts

යහපාලන ආණ්ඩුවේ ජනපති, මුදල් ඇමති වෙලා… මුදල් ඇමති, ජනපති වෙලා !

colombotoday

විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 7800 ක් ගුරු සේවයට..

Admin

කුරුඳුවල බුද්ධිමය දේපොළ අයිතිය මෙරටට

colombotoday

වසර දෙකක් ඇතුළත පිටි කිරි සහ බීජ ආනයනය නවතන්න සැලසුම් සකස්න්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

colombotoday

20 සම්මත වීමෙන් ජනතාවගේ බලාපොරොත්තු ඉටුවුනා..

colombotoday

සේරුවාවිල විහාරස්ථානයෙන් කොටපොල හිමියන් එලවා දැමූ බවට පැතිරෙන පුවත අසත්‍යක්.

colombotoday