Colombo Today Local News

වවුනියාවේ දෙමල ගම්මාන දෙකක් අතර කුල ගැටුමක්

කුල ප‍්‍රශ්නයක් මත වවුනියාවේ ගම්මාන දෙකක් අතර ඇති වී තිබෙන කලහකාරී තත්ත්වය විසදා ගැනීමට ඕමන්ත පොලීසිය මැදිහත් නොවීම නිසා පොලීසියට එරෙහිව ගම්වැසියෝ විරෝධතාවයක් දියත් කළහ.

වවුනියාවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරියට පැමිණ ගම්වැසියෝ විරෝධතාවය ආරම්භ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ඒ ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමග කරුණු සාකච්ඡා කළහ.

මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පැමිණ විරෝධතා කරුවන් ඉවත් කොට ඔවුන්ට වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වරයාව හමු වීමට අවස්ථාව සලසා දීම නිසා විරෝධතාවය නතර කොට දැමීය.

වවුනියාවේ සින්නපුදුකුලම් ගම්මානයේ වැසියෝ කියා සිටින්නේ තම ගම්මානයට යාබදව පිහිටි නොච්චිමුට්ටේ ගම්මානයේ වැසියෝ කුල ප‍්‍රශ්නයක් මුල් කරගෙන කාලයක සිට විශාල ගැටුමක් ඇති කරගෙන සිටින බවයි.

පසුගිය සතියේදී මේ ගැටුම උත්සන්න වූ අවස්ථාවේදී එක් ගම්මානයක වැසියන්ගේ යතුරු පැදි දෙකකට අනෙක් ගම්මානයේ පිරිස් ගිනිතබා විනාශ කොට පුද්ගලයින් කීප දෙනෙකුට පහර දී තිබේ.

ඕමන්ත පොලීසියට එරෙහිව විරෝධය පලකිරීමට පැමිණි නොච්චිමුට්ටේ ගම්මානයේ පිරිස කියා සිටියේ මේ සිද්ධියට විශාල පිරිසක් සම්බන්ධ නමුත් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ එක් අයෙකු පමණක් බවයි.

සින්නකුලම ගම්මානයේ අයෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීම නිසා උරණ වී සිටින එම ගම්මානයේ පිරිස් නොච්චිමුට්ටේ ගම්මානයේ පිරිසට තර්ජනය කරණ බවත් පාරේ ගමන් කරණ ළමයින්ට අඩන්තේට්ටම් කරණ බවත් ගම්වැසියෝ කියා සිටිති.

මේ තත්ත්වය සමථයකට පත් කිරීම ඉතා ඉක්මනින් සිදු නොවුවහොත් ගම් දෙකෙන් එක් අයෙකු හෝ කීප දෙනෙකු මරණයට පත්විය හැකි තරමට මේ කුල ප‍්‍රශ්නය උග‍්‍ර වී ඇතැයි නොච්චිමුට්ටේ ගම්මානයේ වැසියෝ කියා සිටිති.

මේ ප‍්‍රශ්නය වහාම විසදීමට පියවර ගන්නා බවට වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ගම්වැසියන්ට පොරොන්දු වී තිබේ.

Related posts

අධික උෂ්ණත්වය නිසා දරුවන් අනතුරේ.. දෙමව්පියන් කරන්න ඕන දේවල් මෙන්න

colombotoday

ඕෂධීට නාමයෝජනා දී ඇත්තේ නාමයෝජනා මන්ඩලයේ බූරුවෙක්..- බැසිල්

colombotoday

ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි අරඹන්න තීරණයක්

Admin

මීළග මෙහෙයුමට ගෝඨාභය සූදානම්… ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගනී ??

colombotoday

පවතින සහල් මිලට වැඩියෙන් මිලක් යොදා සහල් සදහා ගැසට්පත්‍රයක් ගහලා.

colombotoday

අද වාර්තා වූ කොරෝනා රෝගියා ඉන්දුනීසියාවේ ගොස් පැමිණි බේරුවල පුද්ගලයකුගේ බිරිඳක්.

colombotoday