Colombo Today Local News

වන සංහාරයට එරෙහි වූ පරිසරවේදීන්ට එරෙහිව ඇමති රිෂාඩ් බදුර්දීන් පොලිසි යයි

තමාට ගස් වැද්දකු බව පවසමින් සාවද්‍ය චෝදනා රැසක් එල්ල කර ජාතිවාදී හැඟීම් අවුස්සාලීමේ ප්‍රකාශ නිකුත් කර ඇති බවට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් පවත්වන බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය වෙත ඊයේ (21දා) දන්වා සිටියේය.

ඉකුත් 19 වැනි දින ශ්‍රී ලංකා හරිත ලිබරල්වාදීන් විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතා පාගමනක් පැවැති බවත්, එම විරෝධතා පාගමන අතරතුර විරෝධතා පාගමනට සහභාගි වූ පිරිස අතර සිටි සංඝ සභාවේ සාමාජිකයකු වන පූජ්‍ය ආනන්ද හිමි විසින් වාණිජ කටයුතු ඇමැති වන තමාට සාවද්‍ය චෝදනා එල්ල කළ බවත් පැමිණිල්ලේ සඳහන් වෙයි.

එම ස්වාමින් වහන්සේ ඇතුළු පිරිස තමා මෙරට කුඩු ජාවාරම් කිරීම හා කුඩු බෙදා හැරීම සිදු කරන ලද බවත්, ඊට අමතරව විල්පත්තු වන සංහාරයක් සිදු කරන ගස් වැද්දකු බවත් පවසමින් පෝස්ටර් පෙන්වා මෙම විරෝධතා සිදු කළ බවත් එම සියල්ලම ප්‍රසිද්ධ මාධ්‍ය තුළින්ද ප්‍රකාශයට පත් කළ බවත්, එමඟින් ජාතිවාදී හැඟීම් අවුස්සාලීමේ ප්‍රකාශ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඇමැති බදුර්දීන් මහතා සිය පැමිණිල්ල ඉකුත් 19 වැනි දිනම කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දෙල්ගහපිටිය මහතා වෙත ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ල ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කුරුඳුවත්ත පොලිසියේ කොස්තාපල් මදනායක (87172), මාලිංග (86122) යන නිලධාරීන් දන්වා සිටියේ අදාළ සිද්ධිය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

අදාළ සිද්ධිය වාර්තා කළ විද්‍යුත් මාධ්‍ය නාළිකාවල වීඩියෝ පට ලබා ගැනීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය කුරුඳුවත්ත පොලිසියට අවසර ලබා දුන්නේය.

Related posts

අන්තරේ කැඳවුම්කරුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර

Admin

ඤාණසාර හිමිට එරෙහිව නීතීඥ සංගමයේ 100ක් හෝමාගමට… නඩුව හවසට කැදවන්න හේතුව එයයි!

colombotoday

සනීපාරක්ෂාව නැති ඌවේ ටියුෂන්වලට වාරණයක්

colombotoday

වසර 35ක් විජේවීරගේ පවුලට රජය දරපු වියදම හෙළිකරනු

Admin

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා මෛත්‍රී !

colombotoday

“ආවා“ කල්ලියේ ප්‍රධානියා හිටපු කොටි සාමාජිකයෙක්… ත්‍රස්ත විමර්ෂණය අධිකරණයට දැනුම් දෙයි

colombotoday