Colombo Today Local News

වනාතවිල්ලුවේ වන සංහාරය බැලීමට වන සංරක්ෂණ ඇමති යයි : ඇත්ත හෙළිකළ මාධ්‍යයට රැස්වීමේ දොර වැසෙයි

සිමෙන්ති සමාගමට අයත් රජය සතු ඉඩමක අක්කර සීයකට ආසන්න භූමි ප්‍රමාණයක් එළි පෙහෙළි කරමින් එහි තිබූ දැවැන්ත වනස්පතීන් කාර්යක්ෂම ජංගම කියත් ආධාරයෙන් කපා බිම හෙළා පිළිස්සීම පිළිබදව සොයා බැලීම සම්බන්ධයෙන් වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවකට එක්වුවා.

අදාල වන සංහාරය නිරික්ෂණය කිරීමට ප්‍රථම වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබූ වි‍ශේෂ සාකච්ඡාව සදහා ද අමාත්‍ය වරයා සහභාගි විය. එම සාකච්ඡාව මාධ්‍යවේදීන්ට ආවරණය කිරීම සපුරා තහනම් කරමින් වනාතවිල්ලුව පොලිසිය විසින් කටයුතු කරන ලදී.

අදාල රැස්විම සදහා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් පරිසර අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, සිමෙන්ති සංස්ථාව, ප්‍රාදේශීය ලේකම්වරයා, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම පොලිස් අධිකාරි, වනාතවිල්ලුව පොලිස්ථානාධිපති, වනාවිල්ලුව ප්‍රාදේශීය සභාපති ඇතුළු පිරිසක් එක්ව සිටියා.

පසුව අමාත්‍යවරයා අදාල වන සංහාරය සිදුවූ ස්ථානය නැරඹීම සදහා එක්ව තිබූ අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙහි වගකීම සිමෙන්ති සමාගමට පැවරී ඇති බවත් මෙසේ සිදුව ඇති හානි පූරකය තරයේ හෙළා දකින බවයි. කෙටි කාලයක් තුළදී නැවතත් නීල හරිත වන රෝපා ව්‍යාපෘතියක් මෙහි කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

Related posts

අත්‍යවශ්‍ය ආහාර සඳහා යළිත් බදු

Admin

අක්මීමන මිනීමැරුමකට ජවිපෙ අපේක්ෂකයා ඇතුළු සැකකරුවෝ රිමාන්ඩ්

colombotoday

මෙවර මැතිවරණයේදි මා හට ඡන්දය දෙන්නැයි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා- මනෝ ගනේෂන්

colombotoday

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

colombotoday

ජනමාධ්‍ය ලේකම්ගේ නියෝගය බල්ලට – අගමැති නියෝගයෙන් ITN රටටම බ්ලූ පෙන්නයි !

colombotoday

ශ්‍රී ලංකාව නොර්වේ සංචාරකයින්ට පනවා තිබූ තහනම ඉවතට

colombotoday