විජේදාස රාපක්ෂ මහතා තමන්ගෙන් කෝටි පනහක් ඉල්ලා නඩුවක් දැමන බව කීවත් නඩුව පැදුනහොත් එම මුදල ගෙවීමට තමන්ට මුදල් නැති නිසා විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසේ ගොස් නතරවන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ඇවන්ගාඩ් සිදුවීම මුල්කරගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත යුතු බව ෆොන්සේකා මහතා තමන්ට උපදෙස් දුන් බවත් නීතිය දන්නා තමන් කාගේවත් උපදෙස් අනවශ්‍ය වූ බවත් එම සිදුවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ නිතිමය පසුබිමක් නොමැති බවත් ෆොන්සේකා මහතා තමන්ට අවලාද නගන්නේ එම නිසා බවත් විජයදාස රාජපක්ෂ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.