Colombo Today Local News

වතු ජනතාවගේ ලයිම ආසන්නයෙන්ම නව නිවාස ලබාදීමට පියවර ගත යුතුයි – ජනපති

වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ඔවුන් ජිවත් වන නිවාස ආසන්නයේම නව නිවාස ඉදිකිරීම් සිදුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

ඉන්දීය රජයේ ආධාර යටතේ වතු ජනතාව වෙනුවෙන් නිවාස 4,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2016 වසරේදී ආරම්භ කර තිබේ. දැනට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව 669කි. යටිතල පහසුකම් සැපයීමේදී ඇති ප්‍රායෝගික ගැටළු ඉදිකිරීම් ප්‍රමාදයට හේතු වූ බව නිලධාරීහූ සඳහන් කර සිටියි.

වතු ජනතාව ජීවත්වන ලයිම සඳහා අත්‍යාවශය යටිතල පහසුකම් සපයා තිබේ. එම නිසා ලයිම ආශ්‍රිතව නව නිවාස ඉදිකිරීමෙන් ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට දිය හැකි බව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පෙන්වා දෙනවා. සිදුවිය යුත්තේ ඔවුන් ජීවත්වන පරිසරයේම සිට ජීවන තත්ත්වය නගා සිටුවීම බව ජනාධිපතිතුමා සඳහන් කළේ. නිවාස සැලසුම් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පැවරීමෙන් ඉදිකිරීමේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉහළ තත්ත්වයක පවත්වාගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (29)දින දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ.

වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව පෞද්ගලික වතු සමාගම් ද තම යුතුකම් සහ වගකීම් කොටස ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම, නිවාස, ක්‍රීඩා ඇතුළු රේඛීය අමාත්‍යාංශයවල සහය ගනිමින් වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා පවසා සිටියා.

වතු ආශ්‍රිත පෙර පාසල්, ප්‍රාථමික විද්‍යාල, සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් වෛද්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කළයුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා.

වතු ආශ්‍රිත ජීවත්වන තරුණ තරුණියන්ට NVQ මට්ටමේ සහතිකයක් ගත හැකි මට්ටමින් වෘත්තීය පුහුණුවක් දී රැකියා අවස්ථාවලට යොමු කිරීමේ ඇති වැදගත්කම ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා.

438ක් වන වතු ආශ්‍රිතව ඇති සෞඛ්‍ය මධ්‍යස්ථාන රජයට පවරාගෙන ගුණාත්මක සේවාවක් වතු ජනතාව වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බව ජනාධිපතිතුමා පැවසීය.

බණ්ඩාරවෙල, හැටන්, නුවරඑළිය සහ ඇල්ල කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කේෂ්ත්‍රයේ ප්‍රවර්ධනයට ගෙන ඇති සැලසුම් කෙරෙහි ද සාකච්ඡාවට ලක් විය.

වත්ත සහ ගම වෙන් නොවන ආකාරයෙන් සියලු සංවර්ධන කටයුතු සිදුවිය යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළේ.

Related posts

බදියුදීන් බේරාගැනීමේ ඊබ්‍රහිම් මෙහෙයුම ක්‍රියාත්මකයි… ජවිපෙ තුට්ටු දෙකේ වැඩක !

colombotoday

අටමස්ථානාධිපති හිමියන්ට දුන් අටපිරිකරක ගඩොල් බාගයක්..!

colombotoday

රනිල් පිලත් සජිත් පිලත් අතහැර දේශපාලනයෙන් සමු ගන්නා රෝසි

colombotoday

කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා

Admin

ජෙනරාල් ගැන ෆීල්ඩ් මාර්ෂල්ගේ ප්‍රකාශයට හමුදාපතිගෙන් සැර පිළිතුරක් !

colombotoday

ජනපතිට දෝෂාභියෝගයක් ! හදිසි තත්වයකට සූදානමින්.. පොලීසිය සීරුවෙන්

colombotoday