Colombo Today Local NewsWorld

ලෝකයේ හදවත ඇමසන්: 20 වැනි දිනටත් නොනැවතී ගිනි ගනී !

ලොව විශාලතම වැසි වනාන්තරය වන, බ්‍රසීලයේ පිහිටි ඇමසන් වැසි වනාන්තරය වාර්තාගත ආකාරයෙන් ගිනිගනිමින් පවතී.

එය සති තුනක පමණ කාලයක් තිස්සේ, එනම් 19 වන දිනටත් තවදුරටත් ගිනි ගනිමින් පවතී. චන්ද්‍රිකා දත්ත අනුව ගිනිගැනීම් 84%ක් වර්ධනය වී ඇති බව එරට ජාතික අභ්‍යවකාශ අධ්‍යයනය ආයතනය පැවසුවේය.

2013 සිට මේ දක්වා වූ ගිනිගැනීම් වලින් ඉහළම අගය වාර්තාවන්නේ, ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා කාලය තුළ වූ ගිනිගැනීම් 74,000ක් සම්බන්ධයෙන් බවත්, ඇමසන් වන ප්‍රදේශය ආශ්‍රිතව වනාන්තරවල  ගිනිතැබීම් 9,500ක් පසුගිය බ්‍රහස්පතින්දා සිට වාර්තා වී ඇති බවත් ගණන් බලා ඇත. 

ඇමසන් වනාන්නතරය ගිනිගැනීමෙන් නැගුණු දුමාරය සාඕ පාවුලෝ නගරයේ කිලෝමීටර 2,700ක පමණ දුරකට විහිදී තිබිණි. ‍

ලෝකයේ ඔක්සිජන් ප්‍රතිශතයෙන් 20%ක් සපයනු ලබන්නේ ඇමසන් වැසි වනාන්තරය මගිනි. ඇමසන්හි ඇතිව තිබෙන ව්‍යසනය ලෝක කාලගුණයට ඉදිරියේදී දැඩි ලෙස බලපානු ඇති බව පරිසර විද්‍යාඥයෝ පවසති.

Related posts

ජල සම්පාදන සේවකයින් අද වැඩවර්ජනයක

Admin

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට

colombotoday

වකුගඩු ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට

colombotoday

ගෘහසේවිකාවන් ලෙස කාන්තාවන් විදෙස් ගත වීමට විරුද්ධයි

colombotoday

බෝගම්බර රැඳවියන් වහලයක් උඩ විරෝධතාවක

colombotoday

බෞද්ධ දර්ශනය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ඉවත් කිරීමට රජය සැරසේ.. සිසුන්ගේ විරෝධය

colombotoday