Colombo Today Local News

ලොව කැළඹු කවසකි රෝගය ලංකාවටත් කොවිඩ් වෛරසය පැතිර ගිය ප්‍රදේශවල දරුවන් පිළිබඳ වැඩි අවදානයෙන් සිටින්න උපදෙස්

කොවිඩ් වෛරසය පැතිර යාමෙන් පසු ‘කවසකි’ රෝගය මතුවිය හැකි බැවින් කොවිඩ් වෛරසය පැතිර ගිය ප්‍රදේශවල දරුවන් පිළිබඳ වැඩි අවදානයක් යොමු කරන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

කුඩා දරුවකුට දින පහකට වඩා වැඩි කාලයක් තද උණක් පවතින්නේ නම් සහ දිව රත්පැහැ වී ස්ට්‍රෝබෙරි ගෙඩියක් සේ දිස්වන්නේනම් එය ‘කවසකි’ රෝග ලක්ෂණයක් විය හැකි යැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

මෙය ස්වයං ප්‍රතිශක්තීකරණ රෝගයක් බැවින් එය දරුවාගේ හෘදයට බලපෑම් ඇති කළ හැකි බවද ඒ පිළිබඳව වඩාත් වැඩි අවධානයක් යොමුකර වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවා යොමු කරන්නැයිද හෙතෙම අවධාරණය කරයි.

‘කවසාකි’ රෝගය වැලඳුණ දරුවන් කීපදෙනකුටම ළමා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාදී මේ වන විට එම දරුවන් සායනික ප්‍රතිකාර ලබා ගන්නා බවද වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

Related posts

ජන සටන පාගමනේ මං එනවා.. ස්ථීරයි

colombotoday

කොළඹ සරත් එක – විමල් දෙක

colombotoday

පොලීසිය සමග වෙඩි හුවමාරුවකදී තවත් සැකකරුවෙක් මරුට

Admin

ඉඩම් නිදහස් කරන්න ඉල්ලා පලාලි ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරිපිට විරෝධතා

colombotoday

දැන් කාලේ හරි විශ්‍රාම සුවයෙන් නිවසේ සිටින්න

colombotoday

රනිල්ගෙන් වෙන් වී ගීතා සජිත් ලඟට

Admin