Colombo Today Local News

ලියාපදිංචි කර නැති ආයුර්වේද ඖෂධමය පැණියක් රජයේ රෝහල්වල භාවිතය වරදක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නැති ආයුර්වේද ඖෂධමය පැණියක් බටහිර වෛද්‍ය ක්‍රමය භාවිතා වන රජයේ රෝහල්වල භාවිතා කිරීම නීතීවිරෝධී කටයුත්තකැයි ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන අජිත් අමරසිංහ මහතා පෙන්වා දෙයි.

වසර දහස් ගණනක් පැරණි දේශීය වෛද්‍ය ක්‍රමය ගැන ඇති සැකයක් නොව ප්‍රශ්න පවතින්නේ එය භාවිතයට ගැනීමට සූදානම් වන ක්‍රමවේදය පිළිබඳව යැයි ද අමරසිංහ මහතා කිය.

බටහිර ක්‍රමයේ පුහුණු වෛද්‍යවරයකු විසින් ආයුර්වේද ඖෂධයක් හෝ වෙනත් වෛද්‍ය ක්‍රමයක ඖෂධයක් රෝගියෙකුට තුණ්ඩුවව ලියා දීම බරපතල වෘත්තිය ආචාර ධර්ම කඩකිරීම් ගණයට වැටෙන වරදක් බවත් එයට දඬුවම වන්නේ ලියාපදිංචිය අහෝසි කිරීම වන බවත් පෙන්වා දුන් අමරසිංහ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නැති බෙහෙතක් රජයේ රෝහලක නියම කිරීම ද එවැනි වරදක් වන්නේයැයි පෙන්වා දුන්නේය.

මෙරට නිෂ්පාදිත ඖෂධයක් වුවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට පෙර සායනික පරික්ෂණවලට යොමු කර යම් යම් මට්ටම්වලින් පරික්ෂා කර ඇත් ද ඖෂධය ක්‍රියාකාරිද වැනි තත්ත්වයන් අධ්‍යයනය කළ යුතුව ඇතැයි පෙන්වා දුන් වෛද්‍ය අමරසිංහ අධිකාරියේ ලියාපදිංචිය ලබා ගැනීමට ඉදිරිපත් කළ හැක්කේ අනතුරුව යැයි ද කියා සිටයේය.

මෙම නිත්‍යානුකූල ක්‍රමවේද කිසිවක් නැතිව එම පැණිය බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රෝහල්වට භාවිතයට නිර්දේශ කිරීමෙන් පවතින ක්‍රමවේද උල්ලංඝණය කිරීම ද, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විහිළුවකට හා හෑල්ලුවට ලක්කිරීමක් ද සිදුවන්නේ යැයි කී අමරසිංහ මහතා එයත් බරපතල වරදක් වන්නේ යැයි ද කීය.

Related posts

“මෙහෙ ඉඳන් වැහි වස්සවලා මුලු ඇමරිකාවම ගංවතුරෙන් යට කරලා දානවා” – ජනාධිපති අපේක්‍ෂක රාවණ පරපුරේ අනෝජ් සිල්වා

colombotoday

වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක

colombotoday

හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ගන්න නීතිඥවරුන්ට අවසර

colombotoday

වසර 110කට පසු හෙන්රි පේද්‍රිස්ට ජනාධිපති සමාව හිමිවෙයි

Admin

රජයට පාඩු කළ චෝදනාවට ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්

Admin

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සිසුන් පාසල්වලට ගැනීම මසකින් කල් යයි

colombotoday