Colombo Today Local News

ලැම්බොගිනී, රත්තරන් අශ්වයෝ ගැන එදා අපට පහරගහනකොට අපිනම් ෆේස්බුක් තහනම් කරේ නෑ

එදා ලැම්බොගිනී, රත්තරං අහ්වයෝ ගැන චෝදනා කළේ ෆේස්බුක් එකෙන්, ඒත් මහින්ද මහත්තයා එදා ෆේස්බුක් තහනම් කළේ නෑ යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

හම්බන්තොට අධිකරණ භූමියේ දී ඊයේ (12) මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේ ය.

එහිදී අදහස් පලකරමින් රාජපක්ෂ මහතා මෙසේ ද කීය.

මහින්ද රාජපක්ෂ මහත්තයා එදා ෆේස්බුක් එක නැවැත්තුවේ නැහැ. දැන් ෆේස්බුක් එක නැවැත්තුවාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයයි මේ දෙන්නම ෆේස්බුක් යනවා.

මෛත්‍රීපාල මහතා ජනාධිපතිවරණය අවසානයේ කිව්වා සමාජ ජාල මගින් ඔවුන්ගේ මතය ජනතාව අතරට ගියා කියලා. ඒත් දැන් වෙලා තියෙන්නේ එදා අපිට මඩගහන්න පාවිච්චි කරපු ෆේස්බුක් එක එතුමාට කැරකෙනකොට අනිත් පැත්ත ගහන්න හදනවා.

Related posts

ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවධානමක්…

colombotoday

සමුගන්නේ නෑ.. සුජීව අමුතු පිම්මකට.. කොළඹ නගරාධිපතිකමට කැරකේ

colombotoday

බැදුම්කර සම්පූර්ණ වාර්තාව භාෂා තුනෙන්ම නිකුත් කරන්නැයි ජනපති නියෝග කරයි…

colombotoday

රුවන්වැලි සෑයේ රුව මස් කඩේ කැලැන්ඩරයට දැමූ මොහොමඩ් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

colombotoday

ආනයනික කිරිපිටි බද්ද සියයට 10කින් ඉහළට

Admin

නාම පුවරුවලින් මෛත්‍රීගේ නම වසා තබන්නැයි මැතිවරණ කාර්යාලය දන්වයි. සල්ලි දුන්නොත් වහන්නම් පළාත් පාලන ආයතන කියයි.

colombotoday