Colombo Today Local News

ලක්ෂ 10ක ගබ්සා පෙති තොගයක් අත්අඩංගුවට !

රුපියල් ලක්ෂ 10 ට අධික  වටිනාකමින් යුතු, නීති විරෝධී ගබ්සා පෙති  තොගයක්  ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින්  බම්බලපිටියේ  ඖෂධ අලෙවිහලකින් අද  (30) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව එම අධිකාරිය පවසයි.

මෙම ස්ථානය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක්  මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් හා පොලිසිය එක්ව මෙම වැටලීම කර  තිබුණි.

මෙය බලපත්‍රලාභී ඖෂධ අලෙවිසැලක් බවත්, සැකකරු සෙසු ඖෂධ අලෙවි කරන අතර ගබ්සා පෙති අලෙවි කර ඇති බවත් එම අධිකාරිය පවසයි.

මෙම ගබ්සා පෙති රුපියල්  8,000- – 10,000ත් අතර  මුදලකට අලෙවි කර ඇතැයිද අනාවරණය වී තිබේ.

Related posts

ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

නීතීඥ සංගමයත් බැදුම්කර බෑණාගෙන් සල්ලි අරන් – රන්ජන් CID යයි

colombotoday

කුමාර් අල්ලන්න ඔත්තුව කුමාරගෙන්?

colombotoday

මෝදිගේ ලංකා ගමන පිටුපස කලාපීය යුද්ධයක අනතුරක්?

colombotoday

මවගෙ රැකවරණයෙ සිටියදී පැහැරගෙන ගිය දරුවකු පොර උරයක දමා වැව් තාවුල්ලකට විසි කරලා

colombotoday

1998 ඉන්දු ලංකා ගිවිසුමෙන් 90% වාසි ගත්තේ ඉන්දියාව.. පසුවිපරමක්වත් නොකර ‘එට්කා’ අත්සන් කිරීම අම‍නෝඥ ක්‍රියාවක්

colombotoday