Colombo Today Local News

“ලක්ෂ්මන් කිරිඇල්ල වහාම බෞද්ධයන්ගෙන් සමාව ගත යුතුයි” – ඕමල්පේ සෝභිත නාහිමි

සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා බෞද්ධයන්ගෙන් සමාව ගතයුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියෝ නිවේදනය කරති.

දිගන සිද්ධිය සම්බන්ධව අමාත්‍ය කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන උන්වහන්සේ නිකුත් කළ නිවේදනය මෙසේය.

පසුගියදා දිගන හා අවට ප්‍රදේශවල සිදුවූ අවාසනාවන්ත භීෂණ ක්‍රියා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්‌ කරමින් ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශයක්‌ කරමින් කියා සිටියේ ඒ සිද්ධීන් පිළිබඳ බෞද්ධ ජනතාව මුස්‌ලිම් ජනයාගෙන් සමාව ගත යුතු බවයි.

ක්‍ෂණික කෝපය මුල්කරගෙන අසංවිධිත ප්‍රකෝපකාරී පිරිසක්‌ විසින් කරන ලද එම ත්‍රස්‌ත ක්‍රියාව කිසිසේත් බෞද්ධයන් විසින් සංවිධානාත්මකව කළ දෙයක්‌ නොවේ. එම එකලා සිද්ධිය පිළිබඳ සමස්‌ථ බෞද්ධ සමාජයටම චෝදනා කිරීම බරපතළ අපරාධයකි. මෙරටේ පමණක්‌ නොව විදේශ රටවල ජනතාව බරපතළ ලෙස නොමග යෑවීමකි. මේ නිසාම විශාල විපතක්‌ නුදුරේම සිදුවිය හැකිය. එනිසා කිරිඇල්ල අමාත්‍යවරයාගේ මේ අදූරදර්ශී, අමනෝඥ, උමතු චෝදනාව වහාම ඉල්ලා අස්‌කරගෙන, සමස්‌ථ බෞද්ධ ජනතාවගෙන්ම සමාව ඉල්ලා සිටිය යුතු බව ප්‍රකාශ කරමි.

Related posts

ඉන්දු ශ්‍රී ලංකා අනාගත සම්බන්ධතා ගැන කතා කරන්න මහින්ද ඉන්දයාවට

colombotoday

හිටපු ජනපති ජපානයට දුන් අලි බලන්න යයි

colombotoday

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

colombotoday

“අපි ඔක්කොම ලාංකිකයි, එක මවකගෙ දරුවො කියන්න බෑ” – විග්නේෂ්වරන් වෙන් වෙන්න තව පොටක් හොයයි

colombotoday

ඉන්ධන පිරවුම්හල් වලට ස්වයංක්‍රීය පොම්ප සවිකිරීමට සැලසුම්

Admin

කැද ඉම්රාන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දේශපාලකයන්, පොලිස් ලොක්කන්ගේ නම් වැළක් එළියට…

colombotoday