Colombo Today Local News

ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර දේශපාලනික හා ආගමික බලපෑම් සිද්ද වෙලා – යුරෝපා සංගමය පවසයි.

සාමය සහ සංහිඳියාව අනතුරේ හෙළමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන දේශපාලනික හා ආගමික බලපෑම් පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය පවසයි.

යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මාධ්‍ය මඟින් නොකඩවා ප්‍රචාරය කරනු ලබන අගතිගාමී සත්‍යතාව තහවුරු කර නොගත් තොරතුරු මඟින් සිදු වන්නේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වීම පමණක් බවයි.

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය. නෙදර්ලන්තය, රුමේනියාව, ස්විස්ටර්ලන්තය සහ නෝර්වේ යන තානාපති කාර්යාල ද එක්සත් රාජධානී මහ කොමසාරිස් කාර්යාලයේ ද එකඟතාව මත මෙම නිවේදනය  නිකුත් කර ඇත.

සියලු ප්‍රජාවන් අතර සාමකාමී සහ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන සියලු ශ්‍රී ලාංකිකයින්ට සහයෝගය ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි.

එකිනෙකා අතර ගරුත්වය, සාධාරණත්වවය ඇති කිරීමට සහ විශ්වාසය හෝ ජනවර්ගය යන සාධකවලින් තොරව සියලු දෙනාට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු සියලු දේශපාලන නායකයින්ගෙන් තරයේ ඉල්ලා සිටින බව යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ඉකුත්දා අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

Related posts

2011 ක්‍රිකට් තරග පවාදීමේ චෝදනාව: කුමාර් සංගක්කාරට කැඳවීමක්

colombotoday

පූර්ව අවසරයකින් තොරව මත්පැන් හෝ දුම්වැටි මිල ඉහළ දැමීමට නිෂ්පාදකයින්ට අවසර

colombotoday

“සජිත් ජනාධිපති වුණොත් මෛත්‍රීපාලට අගමැතිකම දෙන්නෑ“ – මරික්කාර්

colombotoday

වැට් බදු වැඩිවීම ජලයටත් අදාලයි.. ආණ්ඩුව නෑ කී දේ හකීම් කියයි.. ජල බිලත් ළගදීම ඉහළට!

colombotoday

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මව්බිමට ජයග්‍රහණ ගෙනා ක්‍රීඩකයින්ට මුදල් ත්‍යාග – රන් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්තට කෝටි 07ක්

colombotoday

කොවිඩ් ආසාදියින් කිසිඳු පරීක්ෂාවකින් තොරව දින 10න් වැඩට ගෙන්න ගන්න චක්‍රලේකයක්

colombotoday