Colombo Today Local News

ලංකාවේ දේශපාලන අලකලංචිය ගැන ජපානයේ මතය මෙන්න

මෙරට තුළ මේ දිනවල සිදු වී ඇති ව්‍යුහාත්මක දේශපාලනික වෙනස්කම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමීපතම දිගුකාලීන මිත්‍රයෙකු ලෙසට තම රාජ්‍ය මහත් ඕනෑකමින් යුතුව නිරීක්ෂණයෙන් සිටින බව ජපානය පවසයි.

ජපාන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ‍ලේකම් ටෙකේෂි ඔර්සුගා නිවේදනයක් මගින් ජපාන නිල වබේ අඩවියෙහි මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන දේශපාලනික ගැටලු හේතු කොට ගෙන ජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයක් දක්වා ඔඩු දුවන්නට නොදී නීතිමය පියවර මගින් දේශපාලනමය ස්ථාවරත්වය පිහිටුවා ගැනීමට කටයුතු කරනු ඇති බව ජපානය අපේක්ෂා කරන බවද මාධ්‍ය ‍ලේකම්වරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වෙයි.

Related posts

ඇමති සජිත්ට දැන් කරන්න බැරි දේ ගැන ඥානසාර හිමි කියති

colombotoday

කොටුවේ ඖෂධ හලකින් මත්පෙති 3000ක් මතුවෙයි

colombotoday

විවාහ, දික්කසාද නීති වෙනස් කිරීම සඳහා කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday

රට වෙනුවෙන් සේවයට නැවත කැදවීමක්… නව ආරක්ෂක ලේකම් සෙන්පති කමල් !

colombotoday

රාජසන්තක කළ කහ කිලෝ 13,000ක් කුළුබඩු මණ්ඩලයට

colombotoday

රු. 23,000ක් වංචා කරලා.. ඌව පළාත් මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday