Colombo Today Local News

රෝසිගේ අරුම පුදුම වැසිකිළි ටෙන්ඩරය…!

කොළඹ මහ නගර සභාව සහ ලෝක බැංකුව එක්ව ඉදි කර ඇති වැසිකිළි කැසිකිළි පහසුකම් ඇති ස්ථාන 07ක් පවත්වාගෙන යාම සඳහා පුද්ගලි ආයතනයක් වෙත ලබාදී ඇති අතර එවැන්නක් සිදු කිරීමේදී අනුගමණය කරනු ලබන නියමිත ටෙන්ඩර් ක්‍රියාවලිය මගහැර වත්මන් නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් අරුම පුදුම ආකාරයකට ලබා දී ඇති බව වාර්තා වේ.

එස්.එස්. එන්ට්‍රප්‍රයිසස් නම් ආයතනයට මෙම වැසිකිළි කැසිකිළි පහසුකම් ඇති ස්ථාන 07 පවත්වාගෙන යාමට ලබාදී ඇති අතර එහි නඩත්තු කටයුතු සඳහා නගරසභාවෙන් රුපියල් ලක්ෂ 03කට ආසන්න මුදලක්ද මාස්පතා ලබාදීමට නියමිතය.

එමෙන්ම විදුලි බිල සහ ජල බිලද කොළඹ නගර සභාව මගින් ගෙවනු ලබන අතර එම වැසිකිළි කැසිකිළි පද්ධතිය භාවිතා කරන ජනතාවගෙන් අය කරණු ලබන මුදලද එම එස්.එස්. එන්ට්‍රප්‍රයිසස් නම් ආයතනයටම ලබා ගැනීමට ඉඩ ලබාදී තිබේ.

ඒ අනුව ජනතාමුදලින් නඩත්තු වන මෙවැනි ආයතනවලින් නගරසභාවට ආදායම් උපයා ගන්නවා වෙනුවට පුද්ලික ව්‍යාපාරිකයන් සඳහා මදුල් උපයා ගැනීමට අවස්තාව සලසා දී ඇති අතර එය ලබා දීමේදී කිසිම ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය නොකිරීමද විශේෂත්වයකි.

Related posts

රාජ්‍ය ආයතන හිතවතුන්ගෙන් පුරවන යුගය අවසන් කළා !

colombotoday

ඊජිප්තු ගිය ජනපති දිවයිනට

Admin

සංචාරක යුක්‍රේන ජාතිකයින් ශ්‍රී ලාංකිකයින්ට කෘතඥතාවය පල කරයි

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ දෙදෙනෙක් අන්ෂුවර්.. ආණ්ඩුවට පනී.. 50ක් නම් ෂුවර්ම ෂුවර්

colombotoday

දිනේෂ් ඇතුළු නව දෙනෙකුට නොතීසි

colombotoday

පාස්කු ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තයින් භාරගත් හැටි

colombotoday