Colombo Today Local News

රේගු අධ්‍යක්ෂවරියට රේගු මාෆියාව එක්ක හැප්පෙන්න බැරිවුණා – තනතුරෙන් ඉවත් කිරීමට හේතු මංගල සමරවීර කියයි

ප්‍රභාකරන්ටවත් බය නැතුව වැඩකරපු යකට ගැහැණියක වන චාල්ස් මහත්මියට සහ රේගුවේ ජාවාරම්කාර මාෆියාවක් එක්ක හැප්පෙන්න බැරිවුණා.ඒ නිසා එතුමිය රේගුවෙන් ඉවත් කර හිටපු තනතුරටත් වඩා උසස් තනතුරක් ලබාදීමට තීන්දු කර තිබුණා.

ඒත් මහා ප්‍රශ්නයකට යෑමට අකමැති හෙයින් එම කැබිනට් පත්‍රිකාව ඉවත්කරගත්තා යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (6) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා මෙසේද පැවැසීය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් චාල්ස් මහත්මිය වෙනත් උසස් තනතුරකට පත් කරන්න අපි සාමාන්‍ය පිරිපාලන තීන්දුවක් ගත්තා ඒකාබද්ධ විපක්ෂයේ උදවියයි රාජපක්ෂලයි ඒක මහා දේශපාලන කුණාටුවක් බවට පත්කරන්න උත්සහ ගත්තා.

චාල්ස් මහත්මිය ඉතාම දක්ෂ නිලධාරිනියක් එතුමිය දිනකට වැඩි කාලයක් රාජකාරීවල නිරත වෙනවා.ඒත් මාෆියාව මෙල්ල කරන්න බැරි වුණා ඒකද එතුමියගේ අඩුවක් නෙවෙයි වරායේ මාෆියාව ඒ තරම් වැඩි.

රේගුවයි සුරාබදු දෙපාර්තමේන්තුවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි යන මේ රටේ ප්‍රධානතම ආදායම් ලබන ආයතන තුනම අධීක්ෂණය කරන අලුත් ඉහළ තනතුරක් හදලා එතුමිය පත්කරන්නයි කටයුතු කළේ.

රේගු අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට වඩා  ඒක ඉහළ තනතුරක්.ඒක කරන්න බැරිවුණා මහින්ද රාජපක්ෂ , දයාසිරි ජයසේකර,තිලංග සුමතිපාල සහ ඩලස් අලහල්පෙරුම යන මන්ත්‍රීවරු චාල්ස් මහත්මිය වෙනුවෙන් කිඹුල් කඳුලු හැළුවා.හැබැයි එදා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක එළියට දානකොට ඔය කිඹුල් කඳුලු හැළුනේ නෑ.

රේගුව 2015 වසරේදී රුපියල් බිලියන 788 ක් 2016 දී රුපියල් බිලියන 881 ක් සහ 2018 රුපියල් බිලියන 921 ආදී වශයෙන් ආදායම් ලැබුවා.

ඒත් අපේ ඉලක්කය වුණේ රුපියල් බිලියන 1068 ක් ඒ ඉලක්ක වලට යන්න බැරිවුණා. ඉලක්ක කළ ආදායම රේගුවට ගන්න බැරි වුණා.

Related posts

ව්‍යවස්ථා සම්පාදනය පස්සට දමා 13 බලාත්මක කිරීමේ තැතක් – මහා සංඝරත්නය නැවතත් අනතුරු අගවයි

colombotoday

ඉඳිබැද්දේදී කාන්තා ඝාතනයක්

Admin

ආසියානු සංවර්ධන බැංකුවෙන් වැඩ 3කට රුපියල් කෝටි 8372ක ණයක්…

colombotoday

කෘෂිකර්මේ සල්ලි ගිලින “සබීතා පාය“ ගැන හොයන්න සය පුද්ගල කමිටුවක්…

colombotoday

අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් ව CIDය අත්අඩංගුවට ගනී

colombotoday

අය වැය පරදවන්න රහස් මෙහෙයුමක්

colombotoday