Colombo Today Local News

රුපියෙලේ අගය ඉහලට

ශ‍්‍රී ලංකා රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව අද ඉහල ගියා.

ශී‍්‍ර ලංකා මහ බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 188 යි ශත 06 ක් ලෙසයි. එහි ගැණුම් මිල රුපියල් 183 යි ශත 16 ක් ද, නිරූපිත අගය රුපියල් 185 යි ශත 69 ක් ද වුණා.

ඉකුත් මස මුල් භාගයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 200ක් ද ඉක්මවා ගිය අතර අපේ‍්‍රල් 09වන දින එහි නිරූපිත අගය වුයේ රුපියල් 199යි ශත 75ක්.

බි‍්‍රතාන්‍ය පවුම්, යූරෝ, යුවාන් සහ ඔස්ටේ‍්‍රලියානු ඩොලර් යන මුදල් ඒකකයන්ට සාපේක්ෂව ද රුපියලේ අගය අද ඉහල ගියා. ඒ අනුව එම සියලූ මුදල් ඒකකවල ද විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව අද අඩු වූ බවයි ශී‍්‍ර ලංකා මහ බැංකුව පැවසන්නේ.

Related posts

පොල්ගස් – කැපීම තහනම් ගස් ලයිස්තුවට

colombotoday

පාසල් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමේ තීරණයක්

Admin

“නව පනතක් ගෙන එනතුරු පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ”

colombotoday

කුසලට අල්ලස් දෙන්න හැදුවේ නිරුපිකාවන් ලබා දෙන සෙල්ලක්කාර ධනපතියෙක් – Photos

colombotoday

වරායේ 55 පැන්න අධ්‍යක්ෂ තියා ගන්න සාගලගෙන් සංදේශ තුනක්

colombotoday

රුවන්පුර අධ්‍යාපන පීඨය තාවකාලිකව වැසේ

colombotoday