Colombo Today Local News

රුපියල බාල්දු වීම නිසා ඉකුත් සතියේ පමණක් විදේශ ණය බිලියන 34කින් ඉහළ ගිහින්

ඩොලරයේ අගය රුපියල් 162 සිට 163 දක්වා රුපියලකින් ඉහළ යාම නිසා ඉකුත් සතියේදී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන තිස් හතරකින් වැඩි වී තිබේ.

ඩොලරයේ අගය සත එකකින් ඉහළ ගියද ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රමාණය රුපියල් මිලියන 340කින් ඉහළ යන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

මේ පිළිබඳව අදහස් දක්වමින් කළ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමණාකරන හා මූල්‍ය පීඨයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ උප සභාපති එම්.ඩී. කරුණාරත්න කියා සිටියේ 2015 සිට මේ දක්වා වසර තුන තුළ රුපිය‍ලේ අගය රුපියල් 33කින් බාල්දු වී ඇති බවයි. රුපියල මේ අයුරින් බාල්දු වෙද්දී රජයේ පාර්ශ්වයන් නිහඬව සිටීමෙන් පෙනී යන්නේ රටේ විදේශ විනිමය අර්බුදය විසඳීමට රජයට විකල්පයක් හෝ හැකියාවක් නැතිකමදැයි සැක සිතෙන බවයි.

රජයේ හා මහ බැංකුවේ කටයුතු කෙරෙහි විදේශයන්හි ඇති විශ්වාසය පළුඳු වීම නිසා විදෙස් ආයෝජන අඩුවීමෙන් රුපියල මෙසේ බාල්දු වීමට ප්‍රධාන හේතුව වී ඇති බවද මේ පිළිබඳව කළ විමසුමකදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේය.

ලක්බිම

Related posts

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

colombotoday

දමිතා අබේරත්නට ඇප

colombotoday

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Admin

නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයි

Admin

2021 උසස්පෙළ කඩඉම් ලකුණු අද පස්වරුවේ

Admin

ඇල්ටෝ එකෙන් ගිහින් රට හදන්න බෑ

Admin