Colombo Today Local News

රුපියල කඩා වැටීමෙන් බිලියන 1000කට වැඩි ණය බරක්….

යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසුවරුපියල අවප්‍රමාණය වීම නිසා රුපියල් බිලියන 1000කට වඩා ණය බරක් ශ්‍රී ලංකා ආර්ථිකයට එක්වී ඇතැයිඑක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (18දා)පැවසීය.

2015 වසරේදී රුපියල් බිලියන 285ක්,2016 වසරේදී රුපියල් බිලියන 187ක්, 2018 වසරේදී රුපියල් බිලියන 300ක් ආදී වශයෙන් ණය එකතුවී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය අසාර්ථකවීමනිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවද ඔහු කීය.

පසුගිය රජය සමයේදී මත්තල ගුවන්තොටුපොළ,හම්බන්තොට වරාය,මිහින් ලංකා ගුවන්තොටුපොළ,අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය,එයාර් ලංකා සමාගම,නෙළුම් කුලුන,හම්බන්තොට තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය ආදී ව්‍යාපෘති 09ක් සඳහා රුපියල් බිලියන 300ක පමණ මුදලක් වැයවී තිබෙන බවත්, යහපාලන රජය මේ එවැනි තුන්ගුණයක ණය මුදලක් ලබාගෙන තිබුණද කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කර නැති බවත්පැවසූ මන්ත්‍රීවරයාඒ සම්බන්ධව ජනාධිපතිවරයා සහඅගමැතිවරයා රටට ප්‍රකාශයක් කළ යුතු බවද කියා සිටියේය.

Related posts

කිරි හරක් ගෙන්වීමට විදේශ රටකින් ගත් කෝටි 131ක් පුද්ගලික සමාගමකට දිලා….

colombotoday

ව්‍යවස්ථා සම්පාදනය පස්සට දමා 13 බලාත්මක කිරීමේ තැතක් – මහා සංඝරත්නය නැවතත් අනතුරු අගවයි

colombotoday

අසාද් සාලිට වැඩ වරදින ලකුණු. ICCPR සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ වරදක් කරලා ?

colombotoday

විනාශ කල බුවනෙකබා රාජසභා මණ්ඩපයට ඇතුළුවීම තහනම්. අධිකරණයෙන් නීතිපති නියෝගයක් ගනියි.

colombotoday

ජිනීවා සමුළුව ලං වෙද්දී අන්තවාදීන් ජාතිවාදය අවුස්සනවා.. හැමදාම ඔහොමයි – ජනපති කියයි

colombotoday

කන්ජිපානිගේ පියාට පහරදුන් තිදෙනෙකු රිමාන්ඩ්

colombotoday