Colombo Today Local News

රුපියල් 20,000/-ක අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට අට වසරක සිරදඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 20,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවු කහවත්ත ඇන්දාන පොලිස් මුරපොලේ හිටපු උප පොලිස් පරීක්‍ෂවරයකුට වසර 8ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහුට රුපියල් 10,000/- ක දඩයක් ද අද (12) නියම කළේය.

විත්තිකාර හිටපු උප පොලිස් පරීක්‍ෂවරයාට නියම කළ වසර 8ක සිරදඬුවම වසර 4ක කාලයකින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමට ද විනිසුරුවරයා නියම කළේය


සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ රංජනී සෙනෙවිරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කෙරිණි.

විත්තිකරුට එරෙහි චෝදනා අල්ලස් කොමිසම විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කහවත්ත ඇන්දාන පොලිස් මුරපොලේ උප පොලිස් පරීක්‍ෂවරයකු ලෙස කටයුතු කළ ටී. පුන්‍යවර්ධන නමැත්තාටය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ ද ඬුවම් නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ රංජනී සෙනෙවිරත්න මහත්මිය පෙනී සිටියාය.

Related posts

සියළුම දෙමළ මන්ත්‍රීවරු එක්වෙයි… “දෙමළ මන්ත්‍රී සංසදය“ හදයි !!

colombotoday

ඇලෝසියස්ගේ අරක්කු සමාගමට රජයෙන් විශේෂ බදු සහනයක් !

colombotoday

සියලු තැපැල් සේවා බිඳවැටෙයි

colombotoday

මහ වැස්සේ කාණුවට වැටුණු තිදරු මවක් මරු දකී

colombotoday

සහරාන්ගේ දියණිය බිරිඳගේ දෙමාපියන් භාරයට

colombotoday

මන්ත්‍රී පියල් නිශාන්ත මාධ්‍ය හමුවේ බොරු කියයි…

colombotoday