Colombo Today Local News

රිය අනතුරකින් කාන්තාවක් මියයි

මිනුවන්ගොඩ, අඹගහවත්ත ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තිබේ.

කොටුගොඩ සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ගමන් කළ අත් ට්‍රැක්ටර් රථයක් ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදිය එහි ගැටී මාර්ගයේ පෙරළී ගොස් බවුසර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකාරිය සහ පසුපැදිකාරිය ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකාරිය මිය ගොස් තිබේ.

මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ, මාතම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

වසර දෙකක් දැරියක් දුෂණය කල සිද්ධියට එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

Admin

හජ් දා ඝාතනය කළ ගවයන්ගේ ලේ දින දෙකක් පුරා වැල්ලවත්ත ඇළ දිගේ ගලයි !

colombotoday

මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුග්‍රහය

Admin

මාදුරු ඔයෙන් අක්කර 54250ක් චීනයට.. මුල් පදිංචිකරුවන් පළවාහැරේ.. මාධ්‍යට වාරණයක් !

colombotoday

තණමල්විල ගංජා හේනක් වටලයි

Admin

විදුලි ගාස්තු සංශෝධනය වෙනත් ක්‍රමවේදයකින්?

Admin