මාතර , වැලිගම , වැලිපිටිය අසිසියා මුස්ලිමි දේවස්ථානයේ අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලැබුණ තොරතුරක් මත බෝම්බ නිෂ්කි‍්‍රය අංශයේ නිළ සුනඛයා යොදාගෙන අද (23) එම ස්ථානය විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබිය .
වැලිගම පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම සොදිසි කිරිම දියත් කල අතර ඒ අනුව ඊයේ (22) රාති‍්‍රයේ සිට පොලිස් නිලධාරින් දෙදෙනෙක් එම ස්ථානයේ රඳවා තිබුණි . තංගල්ල පොලීසියේ බොම්බ නිෂ්කි‍්‍රය අංශයේ නිළ සුනඛයා යොදාගෙන අද දහවල් 12 ට පමණ සොදිසි කිරිම් ආරම්භ කල අතර පැය 3ක පමණ සෝදිසියකින් පමණ සොදිසි කිරිම් අවසන් කෙරුණි . එහිදි සැකකටයුතු කිසිවක් හමු නොවු බව පොලිස් නිලධාරින් පැවසිය .
එහෙත් ප්‍රදේශවාසින් පවසන්නේ රාති‍්‍ර කාලයේ මෙම ස්ථානයේ යම් පුහුණුවිම් සිදුකරන බවත් විවිධ ප්‍රදේශ වලින් මුස්ලිම් ජාතිකයන් මෙම ස්ථානයට පැමිණ සිටින බවත්ය .