Colombo Today Local News

රාජිත ලැයිස්තුවෙන්, බිරිද කලුතරින්, චතුර ගම්පහෙන් – රාජිත පවුලම පාර්ලිමේන්තුවට !

2020 අප්‍රේල් මස පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතා තරග නොකිරීමටත් ඒ වෙනුවට සිය බිරිඳ වන සුජාතා සේනාරත්න මහත්මිය තරග කිරීමටත් තීරණය කොට තිබේ. 

සේනාරත්න මහත්මිය තරඟ කිරීමට බලාපොරොත්තු වන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානගත පක්ෂ එක්ව ගොඩනැගීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කය සඳහාය. 

රාජිත සේනාරත්න මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමට බලාපොරොත්තුවෙන් සිටියි.

සේනාරත්න මහතාට මේ වන විට චෝදනා රැසක් එල්ල වෙමින් තිබෙන අතර ඔහු සිටින්නේ අධිකරණයේ ඇප මතය. 

මේ දෙපළගේ පුත්‍රයා වන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා මෙම සන්ධානය තුළින් එම දිස්ත්රික්කයෙන්ම තරග කිරීමට සුදානමින් සිටියි. 

Related posts

ව්‍යවස්ථාව ගේන්නෙත් යුද අපරාධ චෝදනා කරන පිරිසමයි.. ජනමතවිචාරණයක් තිබ්බොත් පරාදයි

colombotoday

මහ මැතිවරණයට අමෙරිකාවෙන් සුබ පැතුම්

colombotoday

ගායන ශිල්පී උපාලි කන්නන්ගර ජීවන ගමනට සමුදෙයි

colombotoday

මහා පරිමාණ දූෂණයක් ගැන අහන්න පබාත් කැඳවයි

colombotoday

එළවළු මිල ගණන් ඉහළට

colombotoday

“බෞද්ධයෝ වෙනස් කමක් කලේ නෑ. වෙළදාමේ ආව මුස්ලිම්වරුන්ට ගෑනුත් දුන්නා.” යැයි කියමින් ත්‍රස්තවාදී හජ්ජුල් අක්බාර්ව නිදහස් කරන්නැයි ඉෂාක් රහුමාන් ඉල්ලයි.

colombotoday