Colombo Today Local News

“රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් එපා… වැඩිය දැගලුවොත් ඇමති පට්ටමත් නෑ” – සනත් නිශාන්තට අනතුරු ඇගවීමක් !

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන්දැඩි ලෙස දොස් පවරා ඇතැයි දැනගන්නට ලැබේ.

රාජ්‍ය සේවකයින්ට ඔවුන්ගේ වැඩ කටයුතු නිසි පරිදි සිදු කරන්නට ඉඩදී, තමාට අදාළ කටයුතු සිදුකරන සිටින ලෙස ජනාධිපතිවරයාගේ පාර්ශවයදැඩි ලෙස පවසා ඇති බව වාර්තාවේ.

එමෙන්ම අදාළ රාජ්‍ය නිළධාරිණියට මින් පසුව බලපෑම් සිදු කළහොත් රාජ්‍ය අමාත්‍ය ධූරය පවා අහිමි වන තැනට වැඩ සිද්ද විය හැකි බව දැඩි ලෙස පවසා ඇත.

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම ස්වාධීන ආයතන බවට පත්කිරීමට තමා ගන්නා උත්සහය අතරතුර මෙවැනි සිදුවීම් නොවිය යුතු බව ජනාධිපතිවරයාගේදැඩි ස්ථාවරය වී ඇතැයි දැනැගන්නට ලැබේ.

මේ අතර සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ෆේස්බුක් ක්‍රියාකාරීන් ලවා ඔහුට විරුද්ධව ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වන පොස්ට් ඉවත් කරගන්නා ලෙස අනෙකුත් ෆේස්බුක් පිටු ඇඩ්මින්වරු ඉදිරියේ බැගෑපත් වන බවද තොරතුරු වාර්තාවේ.

එමෙන්ම මෙම සිද්ධිය යටපත් කිරීමට සුනිල් හඳුන්හෙත්ති මන්ත්‍රීවරයා ගැන මෙන්ම, පියුමි හංසමාලි එජාපයෙන් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් වනවා යැයිව්‍යාජ ප්‍රවෘත්තියක් ප්‍රචාරය කරන ලෙසට සනත් නිශාන්ත ඔහුගේ ෆේස්බුක් ගෝල බාලයින්ට පවසා ඇතැයි දැනගන්නට ලැබේ.

මීට අමතරව අදාළ රාජ්‍ය නිළධාරිණයගේ ප්‍රතිරූපය බිඳ දැමීමටව්‍යාජ පුවත් නිර්මාණය කිරීම සඳහා වෙබ් කරුවන් කිහිප දෙනෙකු මිලට ගෙන ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

-trending lanka

Related posts

ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව මියන්මාර් හමුදා මෙහෙයුම් නතර කරන්න… මඩකලපුවේ උද්ඝෝෂණ

colombotoday

කළුතර මහාධිකරණයෙන් 08 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ…

Admin

ජලශ්වා නෞකාව ඉන්දියානුවන් 700ක් රැගෙන යාම සදහා අද දිවයිනට

colombotoday

‘යහපාලනයෙන්‘ බේරාගන්න, මාදුරුඔය ඉහළ රක්ෂිතයේ ගස් මහණ කරයි !

colombotoday

මහනුවර නගරයේ පෝස්ටර් ඇලවීම අද පටන් තහනම්… ඇලෙව්වොත් නඩු… ආණ්ඩුකාර මෛත්‍රීගෙන් නියෝග…

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි පාර්ලිමේන්තුවට

colombotoday