Colombo Today Local News

රාජ්‍ය ආයතන ප්‍රධානීන් රට ගැන සිතා කටයුතු කළ යුතුයි දේශපාලනය කළ යුතු නැහැ – ජනපති

රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතුය යන්න තම අපේක්ෂාව නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඒවා දියුණු කිරීම පමණක් එම ආයතන විසින් සිදුකළ යුතු බවයි.ඒ සඳහා අවශ්‍ය ආදායම් ජනනය කිරීම, කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වර්ධනය කිරීම, වියදම් හා නාස්තිය පාලනය කිරීම රාජ්‍ය ආයතන විසින් සිදුකළ යුතු බව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී සඳහන් කළේය.

රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ වෙහෙසී වැඩකරන ජනතාව උපයන ආදායමින් එබැවින් එම ආයතන ජනතාවට බරක් නොවිය යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය හේතුවෙන් ලොව සෙසු රටවල් සේම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ද බලවත් පරිහානියක් සිදුව ඇති අතර පවතින තත්ත්වය හමුවේ ආයතන ප්‍රධානීන් රට ගැන සිතා කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

Related posts

මහනුවරින් ආදර්ශයක්… නගරය පුරා පොස්ටර් ඇලවීම සපුරා තහනම්… පොස්ටර් ඇලවීමට වෙනම දැන්වීම් පුවරුවක් !

colombotoday

අපේ කරුම නායකත්වය ගැන ලැජ්ජයි !

colombotoday

UPDATE: සිංහල රාවයේ, රාවණ බලයේ නායක හිමිවරු යළි සිපිරිගෙට!

colombotoday

කඩු දෙකක් සමග “ආවා ගෘෘප්“ දෙන්නෙක් අල්ලයි.. කඩු අරන් ගියේ නාට්‍යක් පුරුදු වෙන්නලු !

colombotoday

තහනම නොතකා සිපෙට්කෝ තවමත් ග්ලයිෆොසේට් විකුණයි!

colombotoday

මහින්ද සීයා කෙනෙක් වෙයි !

colombotoday