Colombo Today Local News

රනිල්ගේ ප්‍රතිපත්ති මෙන්න

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වනවිට එළිදක්වා තිබේ.
පස් අවුරුදු සැලැස්මේ විශේෂයෙන් අවධානයට යොමුකර ඇති කරුණු කිහිපයකි. එනම්,

රාජ්‍ය සේවය

2025 පාදක වසර ලෙස සලකා සියලුම රාජ්‍ය සේවකයින්ට ජීවන වියදම් දීමනාව මාසිකව රු 25,000ක් ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

එහි තවදුරටත් දක්වා ඇත්තේ රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩිකර ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රු 55,000ක් ලෙසත් අනිකුත් සියලුම තනතුරු සඳහා මුලික වැටුප ඒ අනුව ගලපන බව ද ජනාධිපතිවරයා සිය පස් අවුරුදු සැලැස්ම තුළින් එළිදක්වා ඇත.

*වයස අවුරුදු 40ට අඩු රාජ්‍ය සේවක සේවිකාවන්ට සේවා කාර්යක්ෂමතාව වැඩි දියුණු කරලීමට ඉවහල්වන පාඨමාලා හැදෑරීම සඳහා පඩි සහිත නිවාඩු ලබාදීම.

  • රාජ්‍ය ප්‍රතිපත්ති හා පරිපාලන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම.
  • කුසලතාව මත පදනම් වූ උසස් වීම් ක්‍රමවේදයක්.
  • රාජ්‍ය සේවය කාර්යක්ෂම හා විධිමත් තලයකට ඔසවා තැබීමට ලැප්ටොප්, ටැබ්, ස්මාර්ට් දුරකථන රාජ්‍ය සේවකයින්ට සහන පදනමින් ලබාදීම.

*රජයේ නව නිවාස වැඩ පිළිවෙලේ දී නිවාස හිමිකම් නොමැති රාජ්‍ය සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදීම.

*ආපදා ණය මුදල ඉහළ නැංවීමටත්, දේපළ හා නිවාස ණය යළි ලබාදීමටත් කටයුතු කරනවා.

  • නිවසේ සිට රාජකාරී ඉටු කළ හැකි සේවාවවන් නිවසේ සිට ඉටු කිරීමට අවසර ලබාදෙනවා.

*නිශ්චිත හා විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් හඳුන්වා දීම.

*විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්

  • නවීන පහසුකම්වලින් යුතු ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන රට පුරා ඉදි කිරීම.
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා ජාතික ප්‍රතිපත්තිය 2025 වසරේ සංශෝධනය කිරීම.
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමාජ, සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රජා මණ්ඩල මඟින් විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කිරීම.

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව

  • ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 4 වැනි ව්‍යවස්ථාව අනුව එවැනි තැනැත්තන්ගේ සියලු මානව අයිතිවාසිකම් හා මුලික නිදහස පූර්ණ වශයෙන් සහතික කිරීම සඳහා නව පනතක් 2025 දී පාර්ලිමේන්තුවට.
  • සංඥා භාෂා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමටත්, විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම.

*ඔවුන් සඳහා වූ ගොඩනැගිලි ප්‍රවේශ ප්‍රතිපත්තිය කාලානුරූපීව සංශෝධනය.

*විශේෂ රැකියා කෝටාවක්.

අලුත් රස්සා ලක්ෂයක්

  • 2025 වසර තුළ රැකියා 100,000ක් ලබාදීම.
  • සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් ඔබ්බට අධ්‍යාපනය ලබන්න අවසර නොලැබෙන තරුණ තරුණියන් වෙනුවෙන් සංචාරක, නිෂ්පාදන කර්මාන්ත ආදි පුද්ගලික අංශය හා එක්ව නව වැඩපිළිවෙලක් 2025 වසරේ ආරම්භ කිරීම.
  • එම තරුණයින්ට ඒ ආයතනවල වෘත්තීය පුහුණුව ලබාදෙන අතර පුරා වසරක් පුරා ඔවුන්ට රජයෙන් රුපියල් 35,000ක දීමනාවක්.
  • පුද්ගලික අංශයේ කැමැත්ත පරිදි ඔවුන්ට තවත් මුදලක් එක් කිරීම හෝ පුහුණුවෙන් පසු ඔවුන්ට ඒ ඒ සමාගම්වල රැකියා අවස්ථා හිමිකර දීම.

රට රස්සා

  • විදෙස් ශ්‍රමිකයින්ට නිවාස යෝජනා ක්‍රම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, තීරු බදු සහන ආදි පහසුකම්.

විදේශ වෙළෙඳපොළ පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයක්.

*විදේශයන්හි වැඩිහිටියන් රැකබලා ගැනීම, දාරක සුරැකුම් සේවාන්හි රැකියා අවස්ථා.

පොලිස් පුනරුදය

  • පොලිස් නිලධාරීන්ගේ ආයතනික මෙන්ම පරිබාහිර විෂය දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පොලිස් විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම.

සිරකරුවෝද මනුෂ්‍යයෝය

  • විවිධාකාරයේ දඬුවම් ලබන රැඳවියන්, සිරකරුවන් රිමාන්ඩ් හා දිගු කාලීන බන්ධනාගාරගත කිරීම යළි විමසීමකට භාජනය කිරීම.

අනීතික මත්ද්‍රව්‍ය දුරැලීම

  • මත්ද්‍රව්‍ය මැඩලීමෙහි සිට මත්ලෝලීන් පුනරුත්ථාපනය දක්වා සියලු කාර්යයන් ආවරණය වන පරිදි පුළුල් බලතල සහිත මත්ද්‍රව්‍ය මැඩලීමේ අණදෙන මුලස්ථානයක් ස්ථාපිත කිරීමට නව පනතක් කෙටුම්පත් කිරීම.

Related posts

වන රක්ෂිතවල කොස් කඩන්න වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

colombotoday

හලාල් සහතිකයෙන් ගන්නා මුදල් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයට… හලාල් එපා ! – පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක්

colombotoday

ජනපති හොරාගේ අම්මාගෙන් පේන අහයි.. නාහිමිවරුනූත් හෑල්ලුවට ලක් කරයි !

colombotoday

වරෙන්තු නිකුත් කර සිටි විමල් වීරවංශ අධිකරණයට එයි

Admin

ඇඳිරිය කඩ කළ 664ක් අත්අඩංගුවට

colombotoday

ඕනෑම අවස්ථාවක මම විශ්‍රාම යාමට ලෑස්තී – රුක්ෂාන් බෙල්ලන

Admin