Colombo Today Local News

රන්ජන්ගේ නැතිවූ උණ්ඩ 23ට සිදුවූ දෙය පොලීසිය සොයයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවසින් උණ්ඩ බහාලන ඇසුරුම් තුනක් තිබූ බවත් එක් ඇසුරුමක උණ්ඩ 50 බැගින් උණ්ඩ 150ක් තිබිය යුතු වුවත් හමුවූයේ උණ්ඩ 127ක් පමණක් බව පොලීසිය පවසයි.

ඒ අනුව ඉතිරි උණ්ඩ 23 භාවිත කරමින් රන්ජන් රාමනායක මහතා යම්කිසි සහාසික ක්‍රියාවක් සිදුකළේද එසේ නොමැතිනම් මෙම ගිනි අවිය සමග එම උණ්ඩ යම් අපරාධයක් සිදුකිරීම සඳහා වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමට ලබාදී තිබේද යන්න පිළිබඳව පොලිස් නිලධාරීන් තුළ ඇතිවූ බරපතල සැකය හේතුවෙන් රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද ඇතුළත් භාහිර දෘඩ තැටියක් ත්‍රි රෝද රථ රියදුරෙකු විසින් මිරිහාන පොලීසියට ලබාදුන් බවත් ඒ අනුව සෝදිසි වරෙන්තුවක් මත රන්ජන් රාමනායක මහතාගේ නිවස පරීක්ෂා කළ බවත් පොලීසිය පවසයි.

Related posts

පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ඩීල් සංස්කෘතියට පාස්කු පරීක්ෂණ කාපට් එක යට හංගන්න එපා. – කදිලනල් තුමා කියයි

colombotoday

ගෑස් ටොන් 10,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොටට සේන්දු වෙයි

colombotoday

ග්‍රීන් සුපර් වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද විවෘත වෙයි

colombotoday

වරකාගොඩ ඥාණරතන හිමියෝ අස්ගිරි පාර්ශවයේ අභිනව මහා නායක ධුරයට පත්වෙති

colombotoday

‘අපි තව ටිකක් ඉවසීමෙන් යං’

colombotoday