Colombo Today Local News

රතු වරෙන්තු ඇති ISIS ප‍්‍රබලයන් දෙදෙනෙක් ලංකාවට ඇතුළු වේ..

මැලේසියා හා ඩුබායි අයි.එස්. සංවිධානයේ ප්‍රබලයන් දෙදෙනකුට කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළු වීමට ආගමන විගමන නිලධාරීන් උදව් ලබාදී ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

මීට සති දෙකකට පෙර ඔවුන් දෙදෙනා මෙරටට පැමිණ දින හතරක් හෝටල්වල රැඳී සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර් ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) මගින් රතු නිවේදන නිකුත් කර තිබියදී ඔවුන් දෙදෙනා ආගමන විගමන නිලධාරීන්ගේ පරීක්‍ෂාවෙන් මිදී රට තුළට ඇතුළු වූවේ කෙසේද යන්න ගැටලු සහගත බව ආරක්ෂක ප්‍රධානියෝ විමසති.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට මහා විනාශයක් සිදුවී තිබියදී එම අයි.එස්. සැකකරුවන් දෙදෙනාම රටට ඇතුළු වීමට ඉඩ ලබාදීමෙන් ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවට එම උසස් ආරක්ෂක අංශ නිලධාරියා සඳහන් කළේය.

සැකකරුවන් මැලේසියා හා ඩුබායි ජාතිකයන් වන අතර ඔවුන් සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ආගමන විගමන දෙපාර්තමේන්තුවටද ලබාදී තිබියදී මෙසේ ඇතුළු වී ඇත.

​​මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සභාපති පාලක (නීති) බී.ජී.ජී. මිලින්දගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ එවැනි දෙදෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති බවයි.

– aruna

Related posts

සෙවණගල සීනි කම්හල යළිත් පෞද්ගලිකකරණය කිරීමට රජයේ සැලසුමක්

colombotoday

මධුර විතාන ගේ ආසනය මධුරිකාට

colombotoday

උපවාසයේ නිරත ආබාධිත රණවිරුවෙක් අසාධ්‍යව රෝහලේ

colombotoday

IMF ණය වාරිකය අනුමතයි…

colombotoday

රු. මිලියන 2778කට අධික වටිනා කමින් යුත් හෙරොයින් තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

සුදුලූනු වංචාවක් සිදුවූ බව පිළිගන්නව.. එම ආයතනයේ වංචාක් සිදුවුණු පළමු අවස්ථාව හෝ අවසාන අවස්ථාව නොවේ

colombotoday