Colombo Today Local News

රත්තරං තාවකාලිකව ඉල්ලා අස්වෙයි…

දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිශාන්ත පුෂ්ප කුමාර මහතා (රත්තරන්) පළාත් සභා මන්ත්‍රි ධුරයෙන් සහ සියලුම දේශපාලන කටයුතු වලින් තාවකාලිකව ඉවත් වන බව ප්‍රකාශ කළේය.

ඔහුගේ නිවසේ අද (18දා) උදෑසන පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේ තමන් සම්බන්ධයෙන් දැනට අධිකරණයේ විභාග වන (බාල වයස්කාර දැරියකට ලිංගික අතරවර කිරීමට අදාළ) නඩුවෙන්  නිදොස් කොට නිදහස්වූ විට නැවත දේශපාලනයට පැමිණෙන බවයි.

 “මට විරුද්ධ අධිකරණයේ නඩුවත් තිබෙනවා.එහෙම නඩුවක් තියෙනවිට දේශපාලය කිරිම මට ඡන්දය දුන් ජනතාවටත් පක්ෂයටත් නායකයින්ටත් කරන අගෞරවයක් කියල හිතනවා.

එනිසා කෙළින් කතා කරන කෙලින් වැඩ කරන මේ රත්තරන් දේශපාලනයෙන් ඉවත් විමට තිරණය කලා.

යම්කිසි කෙනෙක් හිතයි මම මේ චෝදනාවට බයේ ඉල්ලා අස් වෙනව කියලා.මේ චෝදනාව මට එල්ල කරපු අභුත චෝදනාවක්.චෝදනාව මා පිළිගන්නේ නැහැ.මටත් ඉන්නේ දූලා. ඒ අය පාරෙ බැහැල යන්න ඕනෑ.මම කව්ද කියල මගේ බිරිඳ දන්නවා.ළමයි දන්නවා.දෙමව් පියන් දන්නවා.අධිකරණය ස්වාධිනයි.එනිසා මා දරණ සියලුම තනතුරුවලින් ඉල්ලා අස් වෙලා අධිකරණ ක්‍රියාදාමයට මුහුණ දෙනවා.

මම දේශපාලනයට ඇවිල්ල සියලු සේසතම දන්දුන් කෙනෙක්.මුලු ජිවිතයම දේශපාලනයට කැප කලා.මේක මගේ තනි තින්දුවක්.අධිකරණයෙන් නිදොස් කොට නිදහස්වු පසු දේශපාලනයට එනවා.මට සහාය දුන් සියලුම දෙනාට ස්තුතිය පල කරනවා“

Related posts

ලෝක පරිසර දිනය අදයි

colombotoday

පළාත් සභා සීමාව ඉක්‌මවා යමින් විධායකය අහෝසි කළොත් රට ෆෙඩරල් වෙනවා

colombotoday

නාඩු 350 දක්වා ඉහළ යන ලකුණු

Admin

රාජිත-රන්ජන්-රංජිත් ඇතුළු හිටපු මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් අද දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසමට පැමිණේ

colombotoday

රූං පෙත්ත කැරකෙනවා. බත් පිගාන උඩයනවා. රනිල් අපිට සුරංගනා කතා කියනවා.

colombotoday

රටපුරා පන්සල්වලට බෝම්බ ගැසීමට සැලසුම් කළ අන්තවාදීන් 50ක් ගැන හෙළිවෙයි…

colombotoday