Colombo Today Local News

රට වෙනුවෙන් ශරීරාංග පූජාකළ රණවිරුවන්ට විශ්‍රාම වැටුපෙන් සහන

army-1එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් වැද සිය ශරීරාංග පුදකර ආබාධිත තත්ත්වයට පත්වී සිටින ආරක්‍ෂක හමුදා රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප ඔවුන් සේවයේ නිරතව සිටියදී ලබාගත් වැටුප දක්‌වා වැඩි කිරීමට රජය කටයුතු කරගෙන යන බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පවසයි.

ඊට අදාළ මූලික කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක්‌ පත්කර ඇති බවත්, මෙම වැඩ පිළිවෙළ ඉතා ඉක්‌මනින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම පැවැසීය.

මෙය සෘජුවම විශ්‍රාම වැටුප වැඩි කිරීමක්‌ ලෙස නොව එක්‌ එක්‌ රණවිරුවා විශ්‍රාම ගන්නාවිට ලබමින් සිටි වැටුපට සරිලන ලෙස දුබලතා දීමනාවක්‌ ලෙස ලබාදීමට නියමිතව ඇත.

ඒ අනුව අදාළ විශ්‍රාම වැටුපට ඉතිරි මුදල දීමනාවක්‌ ලෙස එක්‌කර විශ්‍රාමික රණවිරුවාට තමා සේවයේ නිරතව සිටියදී ලබාගත් වැටුපට සමාන විශ්‍රාම වැටුපක්‌ ගෙවීමට රජය කටයුතු කරනු ඇත.

මේ පිළිබඳව පත්කළ කමිටුවේ නිර්දේශ ලැබුණ වහාම මෙම නව විශ්‍රාම වැටුප් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ආරක්‍ෂක ලේකම්වරයා පැවැසීය.

-දිවයින

Related posts

ත්‍රිකුණාමල වරාය ගැන අගමැති ඉන්දියාව සමග සාකච්ඡා

colombotoday

වී කරල් කළු පැහැවීම ගැන සෙවීමට කෘෂි නිලධාරීන් කණ්ඩායමක් අද මඩකලපුවට

Admin

ඉන්දියාවේ අපරාධකරුවන් දෙදෙනෙක් ලංකාවේදී අල්ලයි

Admin

උතුර – නැගෙනහිර එක් කර, ස්වයං තීරණ අයිතිය ඉල්ලන යෝජනාවක් සම්මත වෙයි !

colombotoday

ධාවනය වෙමින් තිබූ වෑන් රථයක සුක්කානම ගැලවී බස් රථයක ගැටෙයි

colombotoday

ගල් කොරියකින් අල්ලස් අරන් හසුවූ ගම්පහ මිලාන් ජයතිලක පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලයි. ජනතාව නොසතුට පළකර සිටියි.

colombotoday