Colombo Today Local News

රට දියුණු කිරීමටනම් විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි…

විධායක ජනාධිපති ක්‍රමය තුළින් රට ඉතා සීඝ්‍රයෙන් දියුණු කළ හැකි බව තමන්ගේ පෞද්ගලික මතය බව කම්කරු, වෘත්තීය සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. 

සිය අමාත්‍යංශයේ පැවැති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

 රට තුළ යහපත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා විධායක ජනාධිපතිධූරයේ බලතල භාවිත කළ බව කිසිවෙක් අමතක නොකළ යුතු බවයි දයා ගමගේ මහතා එහිදී පෙන්වා දුන්නේ. 

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වරක් සංශෝධනය වී ඇති බවත් එය ජනතාවගේ යහපත වෙනුවෙන් සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.  

Related posts

අවුරුදු දින දෙකේදී රුධිරය පරිත්‍යාග කරන්නැයි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

colombotoday

දිනයක් සහ වේලාවක් නැතිනම් පාස්පෝට් ගන්න එන්න එපා – ආගමන විගමන පාලක ජනරාල් දැනුම් දෙයි

Admin

අලුත උපන් බිලිදා පණ පිටින් වල දැමු මව අත්අඩංගුවේ

colombotoday

“උතුරේ හමුදා කදවුරු එපා.. හමුදාව ඉවත් කරනු” අඩන්න හිටි විග්නේශ්වරන්ගේ ඇහේ උලක් ඇණෙයි

colombotoday

වියළි කාලගුණයෙන් පානීය ජල සැපයුමට බාධා

colombotoday

බැංකු නිලධාරියකුගේ සුඛෝපභෝගී මෝටර් රථය ඉස්සූ දෙදෙනෙක් අල්ලයි

Admin