Colombo Today Local NewsTop Stories

රටටම කොරෝනා බෝ වෙන්න තිබුණු අවධානමක් වේල්ල වීදිය පොලිසිය වළක්වා ගත් හැටි

පැතිරී යන කොරෝනා වසංගතයත් සමග ඇදිරි නීතිය පැනවූ දා සිට දින 25කට ආසන්න කාලයක් කිසිදු හවු හරනක් නැතිව කොළඹ ගුණසිංහ පුර බස් නැවතුම් පොලේ සිරවී සිටි 300කට අධික අසරණ මිනිසුන් පිරිසකට වේල්ලවීදිය පොලිසිය ප්‍රධාන කොළඹ පොලිස් ස්ථාන කීපයක් එක්ව කළ සත්කාර අද(17) දහවල් නිමා වූයේ එකී පිරිස නිරෝධායන මධ්‍යස්ථාන 3ක් වෙත යෙමු කිරීමෙනි.

රට පුරා කොරෝනා අසාධිත යැයි සැකකරන පිරිස් කඩිනමින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගන්නා බලධාරීන්ගේ අවධානයට ලක් නොවූ මෙම පිරිස අතර සමාජයේ පහළම ස්ථරයන් ලෙස නම් කරන දුගී, මගී, යාචක, නාටාමි යන අයවලුන් මෙන්ම හදිසියේ පැන වූ ඇදිරි නීතියත් සමග සිය ගම් රටවලට යා ගත නොහැකිව කොළඹ අතර මං වූවන් මෙන්ම විවිධ මතද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් මෙන්ම පාතාල ක්‍රීයා කාරීන්ද විය.

මොවුන් කවුරුන් වුවද ඒ සෑම පුද්ගලයකු දෙසම මනුෂීය හැගීමෙන් බැලූ වේල්වීදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චි, දිස්ත්‍රික්භාර නිලධාරී පොලිස් අධිකාරී සමරකෝන්, කොළඹ මධ්‍යම කොට්ටාස භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා, කොළඹ ප්‍රෙද්ශය භාර නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන පොලිස් නිලධාරීන් අද මොවුන් නිරෝධායනයට යොමු කරමින් රටටම කොරෝනා බෝ වීමට තිබුණු බරපතල අවධානම් තත්ත්වයක් වලක් වා ගත් බව කොළඹ නගරසභාවේ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. කේ . චන්ද්‍රපාල මහතා පෙන්වා දුන්නේය.

අද දින නිරෝධායනයට යොමු කළ මේ පිරිස නාවා, අලුත් ඇදුම් පැලදුම් ලබා දී, දිවා ආහාරය ලබා දී, මුහුණු ආවරනද ලබා දී නිරෝධායන මධ්‍යස්ථාන කරා පිටත් කිරීමට තරම් මෙම පොලිස් නිලධාරීන් කාරුණික වී තිබුණි. මේ සඳහා කොළඹ අවට පොලිස් ස්ථානවලින් මෙන්ම දාන පතීන්ගෙන්ද අනුග්‍රහා ලැබුණු බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පැවැසීය.

ගුණසිංහ පුරය ආශ්‍රිතව පානීය ජල බෝතල් අලෙවි කළ වැහි කලුවා නැමැති පුද්ගලයාට කොරෝනා ආසාදනය වී ඇතැයි හදුනා ගැනීමත් සමගම ඔහු නිතර ආ ගිය ඇසුරු කළ පිරිස් සිටින මෙම ස්ථානයද කොරෝනා බෝ විය හැකි ස්ථානයක සේ සලකා මෙහි සිටි පිරිස නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පැවැසීය.

කෙසේ නමුත් දින 25කට අධික කාලයක් වේල්ලවීදිය පොලිස් ස්ථානධිපතිවරයා හා අනෙකුත් නිලධාරීන්ගේ නිබද සැලකුම් ලැබූ මේ පිරිස අද මෙම ස්ථානයෙන් නික්ම ගියේ සියලු දෙනාටම පං පෙත් අනුමෝදන් කරමිනි.

Aruna

Related posts

ජනාධිපතිවරයා ඇමති මණ්ඩලය පත්කළ යුත්තේ අගමැතිගේ උපදෙස් මතයි – ජයම්පති

colombotoday

“මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මහින්ද රාජපක්ෂට වඩා දරුණු කෙනෙක්“ – සමනලීගේ පශ්චාත්තාපය

colombotoday

කඩවුණු පොරොන්දුව ගැන කියා කතක් ජනපති ඉදිරියේම ඇමතිට ලැජ්ජ කල හැටි (VIDEO)

colombotoday

මාස හතරකට ඩීසල් ගන්න ප්‍රසම්පාදනය පිරිනමන්න අනුමැතිය

Admin

මහින්ද මහත්තයා ළගම ඉන්න ගෝලබාලයන්ගේ උගුලකට අහුවුණා – කුමාර වෙල්ගම

colombotoday

මහනුවර ඇසළ පෙරහැර ‍වෙනුවෙන් අනිද්දා සිට විශේෂ දුම්රිය සේවාවක්

Admin