Colombo Today Local Newsfeatured

රජයේ සේවයේ නියුතු කාන්තාවන්ට සාරිය අනිවාර්ය කලාට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම්ගෙන් දැඩි ලෙස ප්‍රශ්ණ කෙරේ

රජයේ නිලධාරින්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛය තුළින් මුස්ලිම් කාන්තාවන්ට හිරිහැර සිදුවු බවට තමාට කිසිදු පැමිණිල්ලක් හෝ වාර්තාවක් පළ නොවු බව ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පවසයි.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව පැවසීය.

මෙම චක්‍රලේඛය තුළින් රාජකාරි වේලාව තුළ කාර්යාලවලට පැමිණෙන පිරිමි නිලධාරින් කලිසමක් සහ කමිසයෙන් හෝ ජාතික ඇඳුමෙන් සැරසී යුතු අතර, කාන්තා නිලධාරිනියන් සාරියකින් හෝ ඔසරියකින් සැරසිය යුතු බවට දන්වමින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දන්වා තිබුණි.

රජයට අයත් කාර්යාලය පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයේ නිලධාරින්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛය නිකුත් කළ බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කළේය.

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරයා කාගේ අනුමැතිය මත නිකුත් කරේ ද යන්න කාරක සභා නියෝජිතයින් ප්‍රශ්න කර සිටි අතර, එයට පිළිතුරු දෙමින් රත්නසිරි මහතා කියා සිටියේ, ලේකම්වරුන්ගේ ආ විෂයභාර අමාත්‍යවරයාගේ පුර්ණ අනුමැතිය මත මෙය සිදු කල බවයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙය රාජ්‍ය සේවකයින්ට පමණක් නිකුත් කරන ලද්දක් වන බැවින් කැබිනට් අනුමැතියක් අවශ්‍ය නොවන බවත් එය ආයතනික තීන්දුවක් මත සිදු කල බවයි.

විවිධ ඇඳුම් ඇඳීමෙන් ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් මෙම තීරණය ගනු ලැබු බවත් පැවසු ලේකම්වරයා, මෙයින් යම් රාජ්‍ය සේවකයෙකුට යම් අපහසුතාවයක් වුයේ නම් ඒ බව මුලින්ම ආයතනික ප්‍රධානියා දැනුවත් කල යුතු බව ද පැවසීය.

එවැනි දෙයක් සිදුවුයේ නම් තමා ඒ ගැන යම් පියවරක් ගැනීමට කටයුතු කරන බව ද පැවසු ලේකම්වරයා, මේ සම්බන්ධයෙන් යම් සංශෝධනයක් සිදු විය යුතු දැයි අධ්‍යයනය කරමින් සිටින බව ද කියා සිටියේය.

එම අවස්ථාවේ දී විශේෂ කාරක සභාවේ සමාජික හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රශ්න කර සිටියේ, මෙම චක්‍රලේඛ්‍ය තුළින් මුස්ලිම් කාන්තාවන්ට රජයේ නිලධාරින් ලෙස රැකියාවන් සිදු කිරීමට හිරිහැර සිදුවු බවට කිසිවෙකු පැවසුවේ නැද්ද යනුවෙන් ප්‍රශ්න කර සිටි අතර, ලේකම්වරයා කියා සිටියේ එවැන්නක් ගැන කිසිවෙක් තමාට පැමිණිලි කර නොමැති බවයි.

මෙහිදී කාරක සභාවේ සමාජිකයින් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ,  ආරක්ෂාවට ඇඳුම බලපාන බවට තීරණය කර මෙම තීරණය ගැනීමට කාගේ අවසරයක් හිමි වුයේ ද යනුවෙනි.

තමා තනි තීන්දුවක් ගත්තේ කෙසේ ද යනුවෙන් ප්‍රශ්න කිරීමේ දී අදාළ අමාතවරයා මෙයට එකඟත්වය හිමිවු බව කියා සිටි නමුත් රවි කරුණානායක මහතා කියා සිටියේ, කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ ගැන විමසීමේ දී අමාත්‍යවරයා මේ ගැන දැනුවත් නොමැති බව පැවසු බවයි.

Related posts

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවතත් පිබිදෙමින් පවතිනවා – IMF වෙතින් සහතිකයක් !

colombotoday

ත්‍රස්තවාදීන්ට ගම්පොල මුස්ලිම් පාසලකිනුත් අතහිත… IS ලිපිගොනු සේව් කර ඇත්තේ නිල් චිත්‍රපට ක්ලිප් අතරේ

colombotoday

“ශ්‍රී ලංකා හමුදාව උතුරු – නැගෙනහිර දෙමළ නිජබිමෙන් ඉවත් කරන්න ඉන්දියාව කටයුතු කළ යුතුයි” – කොටි හිතවාදී වයිකෝ ඉන්දීය රජයෙන් ඉල්ලයි

colombotoday

2016 විමධ්‍යගත මුදල් සත පහක් තවම දීල නෑ.. අද අපට වැඩ කරන්න සල්ලි නෑ – රෝෂාන් රණසිංහ

colombotoday

මහින්දගේ කාර්යාලය අසල ගැවසුණු සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ගෝඨා සීඅයිඩීයට කැඳවා ප්‍රශ්න කරන්න යයි !

colombotoday