Colombo Today Local News

රජයේ රෝහලට යෑම ප්‍රතික්ෂේප කරයි. වැලිගම මුස්ලිම් කතක් මියයයි. භූමිදානය කිරීම පොලීසිය නවත්වයි

වැලිගම පෙදෙසේ මුස්ලිම් ජාතික කාන්තාවක් මිය යාමෙන් පසුව මිහිදන් කිරීම තාවකාලික නතර කිරිමට අද (07 ) දින පෙරවරුවේදි වැලිගම මුලස්ථාන පොලිසිය පියවර ගත්තේය.

වැලිගම අළුත් විදීය පෙදෙසේ පදිංචි වයස 54 වන කාන්තාවක් දීර්ඝ කාලයක සිට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි අතර එම කාන්තාව අද ( 7 ) දින උදැසන 6:00 පමණ අසාධ්‍ය තත්ත්වයේ සිටි බැවින් පුද්ගලික මෝටර් රථයක් මගින් වහාම මාතර නගරයේ පුද්ගලික රෝහලකට රැගෙන ගොස් තිබේ.

එහිදී වෛද්‍ය උපදෙස් මත රජයේ රෝහලකට ඇතුළත් කිරීමට උපදෙස් ලබා දෙන ලදී.

එහෙත් එම උපදෙස් නොකතා එම කාන්තාව නැවත නිවස වෙත ගෙන එන අතරතුර මියගොස් තිබේ.

අනතුරුව පවුලේ සමාජිකයන් සහ ඥාතිවරුන් විසින් මියගිය කාන්තාව මිහිදන් කිරිමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් සිට ඇත.

එහිදී වැලිගම මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වන පරිදි මිය ගිය කාන්තාවගේ සිරුර මිහිදන් කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇත .

ඒ අනුව වැලිගම මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ වැලිගම පොලිසියේ නිලධාරින් ගේ සහය මත මියගිය කාන්තාව සම්බන්ධයෙන් අදාළ මරණ පරීක්ෂණ වාර්තා ලබාගැනීම සදහා නැවත මියගිය කාන්තාවගේ මළ සිරුර මාතර රජයේ රෝහලට ගෙන යාමට පියවර ගන්නා ලදී.

Related posts

මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලි කපන්නේ නැහැ

colombotoday

උත්සව සැරසිළි දන්සැල් වියදම් නවතමු, විපතට පත්වූවන්ට සහන දී මේ වෙසගේ පින් පුරමු

colombotoday

රටවල් 26ක් ලංකාවට එරෙහි බව ජිනීවා වාර්තා වලින් අනාවරණයක්

colombotoday

ජනතාවගේ මූණ දැක්කාම මට ඔක්සිජන් ලැබෙනවා – සජිත්

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමට නව නීති සම්පාදනය කරීමේ සූදානමක්

colombotoday

ආණ්ඩුව හාල් වලට බදු ගහලා හාල් මිල ගැන කිඹුල් කඳුලු හෙළනවා

Admin