Colombo Today Local News

රජයේ ආයතන තුළ ඡන්ද අපේක්ෂකයින්ගේ අත් පත්‍රිකා බෙදීම තහනම්

කිසිඳු රජයේ හෝ පළාත් සභා කාර්යාලයක, රජයේ පාඨශාලාවක, පළාත් සභා ආයතනයක, වෙනත් රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල සතු ආයතනයක මහ මැතිවරණ අපේක්ෂකයින්ගේ අත් පත්‍රිකා බෙදීම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

එම කාර්යාල හෝ ආයතන පරිශ්‍රයන් තුළ දේශපාලන රැස්විම පැවැත්විම ද තහනම් බව එම කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම නිසා එවැනි ක්‍රියාවලින් වැලකී සිටින ලෙස සියලු දේශපාලකයින්ට මෙන්ම දේශපාලන ක්‍රියාකාරීන් හා වෘත්තිය සමති ක්‍රියාකාරින්ට දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් සිදු කිරිමට ඉඩ ලබා නොදීම එම කාර්යාල හා ආයතනවල ප්‍රධානීන්ගේ වගකීමක් බව ද එම කොමිෂන් සභාව පවසයි.

එමෙන්ම මැතිවරණ සමය තුළ එම ස්ථානවලට අයත් නිශ්චල හෝ චංචල දේපල දේශපාලන පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂයින්ගේ ප්‍රවර්ධනය සඳහා යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකාවේ කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්

colombotoday

මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයක් කළ ගැසට්ටුව බල රහිත කරන්නැයි පරිසරය සුරැකීමේ සංවිධානයකින් පෙත්සමක්

colombotoday

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 62ක් අත්අඩංගුවට

colombotoday

ඌව පළාත්සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට…

colombotoday

වත්තල ගබඩාවකට රිංගා ලක්ෂ 10ට අධික භාණ්ඩ සොරා ගත් අයෙක් දැලේ…

Admin

අමිත් වීරසිංහ රිමාන්ඩ්

colombotoday