Colombo Today Local News

රජයට එරෙහි ත්‍රස්තවාදීන්ගේ පැමිණිලි විභාගයට ජාත්‍යන්තර අධිකරණයක් ඕනෑමයි – සුමන්තිරන් යලි තප්පුලයි

පසුගිය යුධ සමයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධ විමර්ශනය සදහා වින්ධිතයන් ඉල්ලන්නේ ස්වාධීන ජාත්‍යන්තර අධිකරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) සිවිල් සමාජ හා වෘත්තිය සමිති එකමුතුව විසින් පවත්වන ලද මහජන අපේක්ෂා, ජිනීවා යෝජනා හා රජයේ වගකීම පිළිබදව පවත්වන ලද මහජන මන්ත්‍රන සභාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා,

අධිකරණ කරටයුතු ස්වාධීව විය යුතුයි කියලා කවුරුත් පිළිගන්න දෙයක්. අපි කියන්නේ මේ ගැන ස්වාධීන අධිකරණ කටයුත්තක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ජාත්‍යන්තර අධිකරණයකි විය යුතුයි. මේකේ පාර්ශව දෙකක් ඉන්නවා. එකක් ශ්‍රී ලංකා රජය අනෙක් පාර්ශවය ලංකාව බෙදන්න හදපු කණ්ඩායක්. ඒ නිසා මේ අධිකරණය ශ්‍රී ලංකා රජය පත් කරන අධිකරණය විය නොහැකිය. යැයි වැඩිදුරටත් පැවසුවේය.

Related posts

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් සෙවීමේ නව උපකරණයක්

colombotoday

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

විමල්ගෙන් වන්දි ඉල්ලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍රගෙන් එන්තරවාසියක්

Admin

මඩකලපුව මංගලාරාමාධිපති හිමියන්ට එරෙහිව දෙමළ සංවිධාන වීදි බසී ! (Photo)

colombotoday

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

colombotoday

ෆෙඩරල් ව්‍යවස්ථාව හදන්න ආ ජයම්පතී මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday